මේ කතාව තේරුම් ගන්නට කරුණු කිහිපයක් තේරුම් ගත යුතුය. ඒවා නම්,
1. රජයකට මුදල් නැත. තිබෙන්නේ මහජනයගෙන්ම බදු ලෙස උපාය ගන්න ඒවාය. නැතහොත් ණය ලෙස ලබා ගන්න ඒවාය. මේ ණය ගෙවිය යුත්තේ මහජනයාමය.
2. රජයට (රජයටම කියා) මුදල් නැති කල සහන මිලට කුමක් හෝ දෙන්නේ (ඒවාය නිෂ්පාදන මිලට අඩුවෙන්) අර කලින් මහජනයාගෙන් ගත් මුදල් වලින්මය. නැතහොත් මහජනයාම අන්තිමේදී ගෙවිය යුතු ණය වලිනි.
- රජයකට මුදල් අච්චු ගසා මුදල් සැදිය හැක. සිතේ හැටියට මුදල් අච්චු ගහන්නට පටන් ගත් විට (ප්‍රමාණය ඉක්මවා) මුදලේ අගය පහල යන බව දැන් පොදු දැනුමක් වී ඇති නිසා එය මම මේ ලිපියේ කොහෙවත් අඩංගු නොකරමි.
ඉහත කරුණ වැඩ පැහැදිලි කිරීමට විදුලි මිලම උදාහරණයකට ගනිමු. විදුලි ඒකකයක නිෂ්පාදන මිල රුපියල් 20 යයි සිතමු. එය පාරිභෝගිකයාට දෙන්නේ රු. 15 නම් ඒකකයට රු.5 ක පාඩුවක් සිදු වේ. මොන තරම් කාර්යක්ෂමතාව වැඩි කලත් මෙය වසා ගත නොහැකි පාඩුවකි. එවිට පාඩුව මකා ගන්නට විදුලි බල මණ්ඩලයට (CEB) රජයෙන් මුදල් ණය ලෙස හෝ ආධාර ලෙස ලබා ගත යුතුය. මෙලෙස දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ගන්න ණය ගෙවිය නොහැකි බොල් ණය වේ. එවිට එහි පාඩුවද මහජනයා මතය. රජය ආධාර ලෙස මුදල් දුන්නත් ඒ මුදල් දෙන්නේද මහජනයාගෙන් බදු ලෙස ගන්නා මුදල් වලිනි. කොයි පාරෙන් ගියත් එය මහජනයාගේ මුදල්ය.
රජය පාඩුව දරා ගැනීම, රජය පාඩු විඳීම හෝ රජය ඒ බර දැරීම - මගින් මහජනයාට සහන සැලසීම
ශ්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් මහජනතාව නොමග යැවීමට (ගොනාට ඇන්දවීමට) බාවිතා කරන කියමනකි ඉහත කළු අකුරින් දක්වා ඇත්තේ. රජයකට මුදල් අලුතින් සැදිය හැකි විදිහක් නැති බව මම මුලින්ම කිව්වෙමි. ඉතින් රජයකට එයටම කියා මුදල් නැතිනම් එය පාඩු දරන්නේ, පාඩු විදින්නේ හෝ බර දරන්නේ කෙසේද? ඒවා කල හැක්කේද මහජනයාගේම මුදල් වලිනි.
විදුලි බල මණ්ඩලය මේ වසරේ කෝටි 100 පාඩු ලබයි නම් (ඇත්ත ගණන මීට වැඩ බොහෝ වැඩිය) එය කෙලින් හෝ වක්‍ර මාර්ගයකින් ගෙවිය යුත්තේ මහජනතාවමය.
නමුත් බිලක් ගෙවනවා තරම් ඒ ගෙවීම කාගෙවත් ඇගට නොදැනෙයි. මන්දයත් එය සමහර විට ඉදිරියට එන අවුරුදු ගණනක් තිස්සේ අපිට හෝ අපෙනුත් පසු පරම්පරාවකට ගෙවන්නට සිදු වෙනවා ඇත. නමුත් අර තරම් ඇගට නොදැනෙන නිසා හැලියේ කකුළුවන් ලෙස සිටීම ඇගට පහසුය.
එල. තිත්ත ඇත්ත. :)
ReplyDelete