Monday, September 12, 2011

කොළොඹ චන්දය හා කොළොඹ සංවර්ධනය


කොළොඹ චන්දය හා කොළොඹ සංවර්ධනය 
කොළොඹ චන්දයට තව වැඩි කල් නැත. සාමන්යෙන් නම් මේ චන්දෙයේ ප්‍රතිපලය ගැන විවාදයක් නැත. මන්ද කොළඹ යනු UNP යේ ඉහලම බල ප්‍රදේශය වීමයි. අසා ඇති අන්දමට පනහ දශකයේ සිට අඛණ්ඩව කොළොඹ  UNP ය. 2006 දී කොළොඹ පිට ගියේ චන්ද දායකයන්ගේ වෙනස් වීමකින් නොව UNP නායකයන් නාමයෝජනා දීමේදී කරගත් අවුලක් නිසාය. එතරම් UNP  කොළොඹ ගැන මෙදා පොටේ මෙතරම් කතා බහක් ඇති වී  ඇත්තේ දැන් ඇත්තේ 2006 දී තිබු කොළොඹ නොවන නිසාය. පසු ගිය නගරාධිපතිතුමා නිසා ඇති වූ ජන්ජාල නිසා කොළොඹ පරිපාලනයේ ඇති වුයේ අරාජික බවකි. අන්තිමට නගර පාලනය විශේෂ කොමසාරිස් කෙනෙක් යටතට පත් කරන තරමට තත්වය අවුල් විය. එසේම 2010 අප්‍රේල් මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ආරක්ෂක අමාත්යශය යටතට පත් කිරීමද සිදුවුනි. ඉන්පසු ගෙවුණු වසර එකහමාරකට අඩු කාලය තුල සැහෙන වෙනසක් කොළොඹ නගරය තුල සිදුවුණි. අනවසර ඉදිකිරීම්, කටවුට් ආදිය ඉවත් කෙරුණු අතර මාර්ග අලුත් වැඩියාව, ජල මාර්ග නවීකරණය වඩාත් ක්‍රමවත්ව සිදුවුණි. දශක ගණනාවක සිට ෆයිල් තුල සිරවී තිබු සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැගුනු අතර, නගර තුල සැහෙන වෙනසක් වී ඇති බව  පෙනෙන්නට තිබේ. (කොළොඹ අනාගත සැලසුම් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා දිගු විස්තරයක් කර තිබු අතර එයේ defence.lk හි පලවිය. මෙහි සිංහල පරිවර්තනය ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවිය. බත්තරමුල්ලේ අලුතින් ඉදිවන සෙත්සිරිපාය ඊලග අදියර මේ සැලසුමේ එක් කොටසකි.)  

එසේම මුඩුක්කු ඉවත් කිරීම හා මුඩුක්කුවාසීන්ට නව නිවස ලබා දීම ගැන සැහෙන තරම් වැඩ කටුතු කෙරෙන බව පෙනෙන්නට ඇත. මතක ඇති කාලයක  මේ වැඩයට අවංක උවමනාවකින්  අත   ගැසූ බව පෙනෙන්නට තිබුනේ මංගල සමරවීර මහතා පමණි. නමුත් UNP විරෝදය වඩා තම පක්ෂයෙන් එල්ල වූ විරෝධය   හා ආණ්ඩු මාරු (මට මතක හැටියට )නිසා ඒ වැඩ පිළිවෙල කොට උඩ ගියේය. (ගෝඨාභය රාජපක්ෂ හැරෙන්නට වෙන කෙනෙකුන් අත ගැසුවා නම් මෙවරද සිදු වන්නේ ඒ සන්තැසියමය.)  
  
ඉතින් එවැනි යහපත් තත්ත්වක් ඇති වී තිබෙන තත්වයක් යටතේ ආණ්ඩුවේ මෙවර චන්දයට පිවිසි ඇත්තේ කොළොඹ දිනීමට මෙයට වඩා අවස්ථාවක් නොලැබෙන බව දැනගෙනය. මෙවර ආණ්ඩු පිලෙන් එදිරිපත් කර ඇත්තේද බාගෙට බාගයක් පරණ UNP කාරයන්ය. මෙය පරණ UNP කාරයන්ට ඇති විශ්වාසයට වඩා කොළොඹ චන්ද ලබා ගැනීමට කරන ලද්දක් විය යුතුය. එසේම UNP හි ඇති අර්බුධ සලකන විට චන්දය UNP ය වෙත දීමට චන්ද දායකගේ උනන්දුව අඩුම අවස්ථාවක් ලෙස සැලකිය හැක. මේ ගැන  (ආණ්ඩුවට මේ චන්දය දිනීමට ඇති ඉඩකඩ ගැන -සී. ඒ. චන්ද්‍රප්‍රේම‍ විසින්)  ලියු  ලිපියක් (http://www.divaina.com/2011/09/12/feature01.html) මෙවර දිවයින පුවත්පතේ පලවී ඇත. 

එයට අනුව මෙවර කොළොඹ චන්දය දිනීමට ආණ්ඩුවට සැහෙන අවස්ථාවක් ඇත. එසේම ඉහත කරුණු අනුවද තරාදිය ඒ අතට බර වන බව සිතිය හැක. එනමුත් ආණ්ඩුව කොළොඹ සංවර්ධනය ගැන බොහෝ දෙන ප්‍රශංසා කලත් එයට  කොළොඹ චන්ද දායකයන් අතරින් සැලකිය යුතු කොටසක් වන අනවසර පදින්ච්චි කරුවන් (මම මොවුන්ට මුඩුක්කු වාසීන් නොකියන්නේ මේ අනවසර පදින්ච්චිකරුවන් අතර සැලකිය යුතු මට්ටමේ නිවස හිමි පුද්ගලයන්ද සිටින බැවිනි), පදික වෙළෙන්දන් ආදීන්ට, පොදුවේ ගත්විට නව වෙනස්කම් අයහපත් ලෙස බලපෑ පුද්ගලයන් මේ නව යෝජිත වෙනස්කම් වලට කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද යන්න ඉතා  වැදගත්ය. ඒ මන්දයත් කොළොඹ වෙනස අගයන බොහෝ පිරිස් කොළොඹ නගර සීමාව තුල ජීවත් නොවන රැකියාවට හෝ වෙනෙත් කරුණු වලට කොලොම්බට පැමිණෙන අයවලුන් වීමය. වෙනත් වචනයෙන් කිවොත් ඔවුන්ට මේ චන්දයට කල හැකි බලපෑමක් නැත. අනිත් කරුණ වන්නේ ආණ්ඩුව නැති වූ නිවස වෙනුවට අලුත් නිවස සපයන බවට වූ පොරොන්දුව කොතරම් දුරට මේ ජනතාව විශ්වාස කරයිද යන්නය. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් දී ඇති පොරොන්දු සලකන විට මේවායේ ඇති විශ්වසනීයත්වය නැත්නම් ජනතාවට මේවා ගැන ඇති විශ්වාසය ඉතා අඩුය. මා දන්නා තරමට ආණ්ඩුව මේ ජනතාව කොලොඹීන් පිටට ගෙනයාමට තීරණය කර ඇති බව කියා නැත. නමුත් විරුද්ද පක්ෂ විසින් මේ චෝදනාව සැහෙන වතාවක් එල්ල කර ඇත. එනිසා ආණ්ඩුව නොකියූවත්, වඩා ඉඩකඩ ඇත්තේ ජනතාව විරුද්ද පක්ෂ චෝදනාව පැත්තට නැඹුරු වීමටය. ආණ්ඩුව ගැන විශ්වාසය තිබුනත් තමන් සිටින නිවස අතහැර වසර කිහිපයකින් දෙනවා යයි කියන නව නිවසක් ගැන බලාපොරොත්තු  තබා නික්ම යාමට මිනිසුන් කැමති වේද යන්නේ සැක සහිතය. 

UNP යේ කොළොඹ චන්දය සම්බන්ධ  ප්‍රධාන පොරොන්දු වී ඇත්තේ සාරාංශයක් සේ ගතහොත් ආණ්ඩුව කරනවා   යයි කියන දේ  ආණ්ඩුව කරද්දී ජනයාට වන අහිතකර බලපෑම් වලින් තොරව ඉටු කරදීමය. නැතහොත් වෙනත් වචන වලින් කියනවානම් ආණ්ඩුව කරන දේම  ආණ්ඩුවට වඩා හොදට කිරීමය. පොරොන්දුවක් ලෙස කෙසේ වුවත් මෙය ඇත්තටම කරන්නේ කෙසේද යන්න ගැන සැහෙන ගැටළු ඇති බව සැබැය. එසේම ජනතාවගේ නිවස වෙනුවෙන් තම මිය යාමට වුවත් සුදානම් බව හැගවෙන ප්‍රකාශයක්ද මුසම්මීල්  මහතා කියා ඇත. මෙයද පොරොන්දුවක් ලෙස කෙසේ වෙතත් ඇත්තට වෙන්නට ඇති  ඉඩකඩ  නම් සැහෙන තරම් අඩුය (ජනතා ප්‍රශ්න වලට මුසම්මීල් මහතා දිවි කැප කරනවානම් මේ වන විට ඔහුගේ සොහොන මත දැතින් වටේ ඇල්ලිය නොහැකි  තරමේ ලොකු ගස් තිබිය  යුතුය. මෙය ඒ මහතා පමණක් නොව මෙවැනි ප්‍රකාශ කරන අනිත් බොහෝ දේශපාලකයන්ටත් පොදුය).



තත්ත්වය  එසේ වුවත් (UNP ය දිනුවත්) ආණ්ඩුවේ වඩා පිළිවෙල වෙනස් වේ යයි සිතිය නොහැක. මංගල සමරවීර මහතා කොළොඹ හැදීමට ගියෙත් නගර සභාව  UNP  යට තිබිය දීය. එසේ තිබ්යදීත් ඔහුගේ වැඩ පිළිවෙල නතර කිරීමට UNP යට නොහැකි විය. ඔහුට වැඩිම  බාධා  ඇති කලේ ඔහුගේම පක්ෂයේ අය විසිනි. තත්වය එසේ තිබියදී එදාට වඩා බෙහෙවින් දුර්වල UNP  යකට ගෝඨාභය රාජපක්ෂ  මහතා නැවත්විය හැකි වේ යයි මම නොසිතමි.

11 comments:

  1. ඔන්න මම මේ අඩවියට ආවා...මාවත් මේ පැත්තට පිළිගන්නවා නේද ?
    බෑ කිව්වත් මට මොකෝ..ලියලා තියෙන ඒව කියවන්න නොවැ ආවෙ....

    අපොයි. අපේ රටේ දේශපාලනය කියන්නෙ මට නම් කුණු හරුපයක්..කිව්වට විශ්වාස කරාවිද මන්දා එකම එක ඡන්දයක්ද කොහෙද දමලා තියෙන්නෙත්... මේවා ඉතින් " දේශය පාලනය " කිරීමක් නෙමේනෙ...

    කවුරු කොහොම කොයි විදියට බලයට ආවත් වෙන්නෙ එකම දෙය..ඒකෙ වෙනසක් නෑනෙ...හෝද හෝද මඩේ දානවා...

    ReplyDelete
  2. ඔන්න ඔය Word Verification අයින් කොරලා දමන්න..නැත්තම් කොමෙන්ටුව දාලා බලාගෙන ඉන්න වෙනවා තව ටිකක් වෙලා....Comment Setting වලින් ඕක හරිගස්සන්න පුළුවන්නෙ

    ReplyDelete
  3. @දිල්:
    කියුවට බොහොම පින්.
    එහෙම මගුලක් වෙනවා කියල දැනන් හිටියේ නැ නොවැ.
    හික් හික් මේ ගැන මහා ලොකුවට ලියුවට මමත් චන්දෙ දාලා තියෙන්නේ දෙපාරයි.

    ReplyDelete
  4. අකුරුත් ටිකක් ලොකු කරන්න.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඒකටත් තැන්කු....ඔන්න කොලා...

    ReplyDelete
  7. හැබෑට මොකට වියදං කරං මේ පාර ඔය චන්ද මගුල තියනවද දන්නෑ..

    ReplyDelete
  8. මේ Followers ගැජට් එකට මොකද වෙලා තියෙන්නෙ?

    ReplyDelete
  9. හපොයි චන්ද නොතිය කොහොමද?එතකොට ඒකාධිපතිවාදය ඇති වෙනවනේ.
    අපේ රටේ මොනවා නැතත් ප්‍රජාතන්ත්‍රවාදය කියනේ දේ නමට හරි තියෙන්නේ එපායැ.

    ReplyDelete
  10. සමබර විග්‍රහයක් , චන්ද්‍රපේම උන්නැහෙ කරන්නේ මධ්‍යස්තවගේ පෙන්නගෙන මතවාද හදන එක , කරු ජයසූරියට දේශද්‍රෝහි ලේබල් අලවන වැඩකුත් පහුගිය ටිකේ කොලා .

    ඡන්ද තිබ්බත් ඒකාධිපති වෙන්න පුලුවන් ව්‍යවස්ථාවක් අපේ ජේ ආර් ලොක්කා හදල දීලනේ තියෙන්නෙ , ඒ නිසා වැඩි වෙනසක් නැ . කවුරු කොලඹ දින්නත් (බොහෝ දුරට එජාපය ) වැඩ යන්නේ ගෝඨට ඕනි විදිහට . එහෙම වෙන එකත් නරක නැ . මොකද ලිපියේ ලියල තියන විදිහට වෙන කාටවත් කරන්න දෙන්නෙ නැ (තමන්ගෙ පක්ෂෙ එවුන්ම ) . හැබැයි පදිංචි ජනතාව ගැන නම් මානූෂීය පැත්තෙනුත් යමක් කෙරෙන්න ඕනි

    ReplyDelete
  11. සමබරද නැද්ද යන්න ගැන මම කතා කිරීමට කැමති නැත. මන්ද මමද චන්දය දෙන, කැමති අකමැති (සාපේක්ෂව) දේශපාලකයන් සිටින පුද්ගලයකු නිසාය.

    චන්ද්‍රප්‍රේම උන්නැහේ ඒ දෙය සැහෙන කාලයක සිට කර ගෙන එන දෙයකි. නමුත් කිසිදු තර්කානුකුල බවක් නැතිව ඔහේ දේශපාලන කරුණු ලියන අයට සාපේක්ෂව සැහෙන ඉදිරියෙන් සිටි. තර්කානුකුල බවක් නැතිව ඔහේ ලිවිම පත්තර වලට පමණක් නොව බ්ලොග් අඩවි වලටද පොදුය (කණගාටුවට කරුණකි).

    ReplyDelete