Tuesday, August 21, 2012

ආසනික්! ආසනික්! ආසනික්!

ආසනික් විතරක් නෙමේ කැඩ්මියම්ත් තිබේ. 


යලිත් වරක් ආසනික් ගැන කතා බහ ඇති වෙමින් තිබේ. මේ ගැන හොඳ අවධානයකින් සිටි අය නම්, "යලිත් වරක්" අමුතුවෙන් මේ කතාබහ ඇති වීමට එය නැති වී තිබුනේ නැති බව දනිති. කෙසේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් කියවෙන්නේ 63% (වකුගඩු) රෝගීන්ගේ මුත්‍රා වල බලපෑම් ඇතිකළ හැකි මට්ටමට ආසනික් අඩංගු වන බවයි. එසේම 56% රෝගීන්ගේ මුත්‍රා වල බලපෑම් ඇතිකළ හැකි මට්ටමට කැඩ්මියම්ද අඩංගු වන බවයි. එසේම 88% රෝගීන්ගේ මුත්‍රා වල ආසනික් මෙන්ම කැඩ්මියම් ද අනතුරු දායක නොවන්නේ යයි කියන මට්ටමක ඇත.

ඒ වාර්තා අනුව ආසනික්, කැඩ්මියම්, කෘෂි රසායනික මේ රෝග තත්වයට හේතු කාරක ලෙස සැක කෙරෙන අතර ජානමය සාධක (පවුලේ අයට වකුගඩු රෝග වැළඳී තිබීම) මෙන්ම ජලයේ කිවුලද මේ රෝග තත්වය වැඩි වීමට බලපා ඇතැයි සැක කල හැක.

මීට මාස ගණනකට පෙර තිබු පර්යේෂණය සැසිවාරයකදී මීට සමාන මත පලවී තිබු බව විදුසරේ පලවිය. මෙය වෙනත් "ජාතික" පුවත්පත් වල පල වුයේ නැත්තේ අයි දැයි යන්න වෙනමම ප්‍රශ්නයකි. එසේම සාමාන්යෙන් සාමන්‍ය ජනතාවට අහිතකර ඕනෑම දෙයෙකදී හඬ නගන මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලකයන්, "සිවිල් සංවිධාන" ක්‍රියාකාරීන්, ගොසිප් අඩවි වැනි එකී මෙකි නොකී සියලු දෙනා මේ කෙරෙහි දක්වා ඇති නිහඬතාවද (පරිසර සංවිධාන කීපයක් හැර) එවැනිම වෙනමම ප්‍රශ්නයකි.

මේ ලිපියේ අඩංගු කරුණු වලට මුල් වූ තොරතුරු වල සත්‍යතාව මැනීමට මම සමතෙක් නොවෙමි. ඒ ගැන කරුණු බොහෝ දන්නා අය සයිබරයේ සිටින නිසා ඔවුන්ගේ මත බලාපොරොත්තු වෙමි.

ප ලි : එම වාර්තාවේ, පොහොර හා කෘෂි රසායන වල තත්වය පාලනය සඳහා වහා පියවර ගත යුතු බව නිර්දේශ කර නො තිබුනා යයි නොකිවහොත් එය අඩුවකි.
 

http://www.scribd.com/doc/102940101/WHo-Full-Report (මේ කොටස ලංකා සි නිවුස් අඩවිය වෙතිනි)

http://www.vidusara.com/2012/03/14/news2.html

http://www.vidusara.com/2012/02/29/news3.html

http://www.vidusara.com/2012/08/22/feature6.html ( ආචාර්ය පී. මංගල සී. එස්‌. ද සිල්වා විදුසරට ලියු ලිපිය)

Thursday, July 26, 2012

නව z ලකුණු ක්‍රමය: පෝසතුන් හිගන්නන් වීම

මේ z  ලකුණු ගනුදෙනුව මට පෙනෙන හැටියට නම් දේශපාලකයන්ගේ එතරම් සහයකින් තොරව ආචාර්ය/මහාචාර්ය තුමන්ලා හා දේශපාලන අරමුණු කරපින්නාගත් අයගේ සහය ඇතිව ඇති කරගත් අවුලකි (දැන් කවුරුන් හෝ කඩා පැන මට බනින්නට පෙර කිව යුත්තේ අපේ අධ්‍යාපනය බාර දෙපලම එක සේ අනා ගන්නා දේපොලක් බවයි. නමුත් මේ කාරණයේදී ඔවුන්ගේ මහා මැදිහත් වීමක් මට නොපෙනේ). එසේ කීමෙහි තේරුම මෙහි වගකීමෙන් රජයට නිදහස් විය හැකි බව නොවේ. මේ ප්‍රශ්නයේ විසදීමේ වගකීම රජය සතුය.


මේ z අර්බුධය ගැන සියලු දෙනාම දන්නා දෙයක් නිසා සේම එහි ගණිතය ගැන නොදන්නා දේ සේම තේරුම් ගැනීමට අසීරු දේ ඇති නිසා  එහි ගණිතමය පැත්ත ගැන විස්තර කතා නොකරමි. නමුත් මෙහි පසුබිම ගැන කිසියම් සදහනක් නොකර සිටියහොත් වරදකි.


2011 උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකකින් උගත් සිසුන් ලියු නිසා හා  ඔවුන් උත්තර ලියුවේ එකිනෙක වෙනස් ප්‍රශ්න පත්‍ර වලටය. උදාහරණයක් ලෙස පරණ නිර්දේශ A ප්‍රශ්න පත්‍රය හා නව නිර්දේශ A ප්‍රශ්න පත්‍රය ගත හැක (A යනු ගණිතය, රසායන විද්‍යාව වැනි විෂයක් කියා ගනිමු). මේ ප්‍රශ්න පත්‍ර දෙකේ පැහැදිලිවම වෙනස් කම් තිබිය හැකි නිසා මේ දෙකොටසම එකම ගොඩට ගැනීමේ ප්‍රශ්නයක් මතු වේ.


මේ සිද්දිය පැහැදිලි කිරීමට අධිවේගී මාර්ගයේ කිලෝමීටර් පනහක් හා සාමාන්‍ය මාර්ගයක එම දුරම එකම මොඩලයේ සර්වසම වාහන දෙකකින් යාමට යන කාලය  උදාහරණයට ගත හැක. මේ කාලය මැනීම අනුව එක්මනින් ගිය වාහනයට වේගයෙන් යා හැකි යයි කීම වැරදිය (මෙහිදී පළමු වර දෙවන වර ආදී කීප වාරයක ලියන සිසුන් සිටින නිසා කොහොම කලත් z  ක්‍රමයේ දෝෂ තිබේ. එය හරියට එකම මොඩලයේ පරණ හා අලුත් වාහන වලින් එකම පාරක රේස් යාමෙන් අසාධාරණයක් සිදු වීම වැනිය. නමුත් ඒවා මෙතනට අදාල නැත.එසේම 100% නිවැරදි සාධාරණ ක්‍රම කියා දෙයක්ද නැත).


 
ඉහත දක්වන ලද ආකාරයේ ප්‍රශ්න නිසා මේ සඳහා විද්වත් කමිටුවක් මුලින්ම පත් කරන ලද අතර මෙයට සංඛ්‍යානය (ජ්‍යාමිතිය ගැන නොවේ) පිලිබඳ ආචාර්ය/මහාචාර්ය වරුන් පත් කර ගන්නා ලදී. ඔවුන් මේ ලකුණු ලයිස්තු දෙකින්  එක z අගයක් එන ආකාරයේ  සුත්‍රයක් සාදා නිම කර දුන් අතර මෙයට එරෙහිව පළමු වෙඩි මුරය තිබ්බේ කව්දැයි මට මතක නැත. කෙසේ නමුත් මේ ගැන විශාල සමාජ කතිකාවතක් ඇති වූ අතර එතන සිට වූ දේවල් ගැන සියලු දෙනා දනී. 


මේ z  සුත්‍රය ගැන කියන විට මෙය මේ තත්වයට පත් වීමට මා දකින ප්‍රධාන හේතුව රජයේ නැත්නම් වග කිව යුත්තන්ගේ ඇති සිදු වූ වැරදීම් හා නොසැලකිලිමත්භාවයයි. මෙහිදී මහාචාර්ය තට්ල් විසින් කල අභියෝගයට ලක් කිරීම (academic challenge) නිසි පරිදි  කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත් විය.


අධ්‍යාපන කටයුතු පරිපාලනයේදී ඇමතිවරුන් දෙදෙනා ඇති සිදුවන නා ගැනීම් නිසා කොහොමටත් මහජනයා සිටියේ මොකක් හෝ මගඩියක් ගැන සැකයෙනි. හිටපු විභාග කොමසාරිස්වරයාගේ  "මෙව්වා" කිරීම ඉතුරු ටික කළේය.  හිටපු විභාග කොමසාරිස්වරයා "ගෙදර වැඩ නොකර" විවාදය යාම ඔහුගේ වැරැද්දක් වුවද එහි තේරුම මුල් ("මෙව්වා" ක්‍රමය) ක්‍රමයේ වැරැද්දක් ඇති බව නොවේ. නමුත් බලාපොරොත්තු විය හැකි පරිදිම මහජනතාව මෙය තේරුම් ගත්තේ "විභාග කොමසරිස්ටවත් නොතේරෙන මහා මගඩි සුත්‍රයක්" ලෙසය. ඇත්තම කියනවනම් විභාග කොමසාරිස්වරයා මේ සුත්‍රය දැන සිටීම හෝ නොදැන සිටීම හෝ තේරුම් ගැනීම හෝ නොගැනීම මේ සුත්‍රයේ හොඳ නරක කීමට සහතිකයක් නොවේ (එය විභාග කොමසාරිස්ගේ දක්ෂතාව ගැන කියන්නකි). උදාහරණයක් ලෙස මයික්‍රොසොෆ්ට් සමගම ඉහලම කළමනාකරු වන ප්‍රධාන විධායක තැන එහි නිෂ්පාදන ගැන සියලු දේ දැන ගැනීම අවශ්‍ය නැත. නමුත් අවශ්‍ය දේ දැන ගැනීම මෙන්ම අවශ්‍ය නම් ඒ ගැන සියලු දේ  දන්නා  අයගෙන් ප්‍රයෝජනයක් ගැනීමටද දත යුතුය.


මහාචාර්ය තට්ල් විසින් කල අභියෝගයක් කලා නම්  මෙයට පිළිතුරු දෙන්නට තිබුනේ එය සෑදු ආචාර්ය මහාචාර්ය පිරිස මිස ඇමතිවරුන්, කොමසාරිස් හෝ කොමිසමේ සභාපති නොවේ. මේ ගැන කල යුතුව තිබු නිවැරදි ක්‍රියා මාර්ගය නම් ක්‍රම දෙකම යොදා වැඩි සාර්ථක මොන ක්‍රමයදැයි පර්යේෂණයක් කර නිගමන ලබා ගැනීමය.  මෙය වැඩි දුරටත් පැහැදිලිව කියනවනම් පසු ගිය වසර ගණනක කාලය තුල විශ්ව විද්‍යාල පාඨමාලා වලට ඇතුලත් වූ පිරිස අතරින් මොන ප්‍රතිශතයක් පළමු වර පැමිණියද දෙවෙනිවර පැමිණියාද කියා සංඛ්‍යා ලේඛන ඇත. එමගින් ඒ තුලින් රටාවක් හදුනා ගත හැක. උදාහරණයක් ලෙස පසු ගිය වසර 10 තුල පළමුවර පැමිණි සිසුන්ගෙන් 42%-48% අතර පිරිසක් පාඨමාලා වලට ඇතුළු වුවානම් මෙවරද එය එසේම වන බවට සාධාරණ උපකල්පනයක් කල හැක (ගිය වසරවල වඩා මෙවර දෙවෙනි වර ලියු සිසුන්ගේ බුද්ධියේ මහා පරිමාණ අඩු වීමක් තිබිය නොහැක).    දැන් තිබෙන z  ක්‍රම දෙකම (වෙන වෙන හා දෙකම එකට යොදා) යොදා ගණනය කිරීමක් කර  එම ක්‍රම දෙකින් කුමන ක්‍රම කලින් හඳුනා  ගත් රටාවට වඩාත් කිට්ටු වන්නේදැයි බැලීමෙන් අපට වඩා සාර්ථක කුමන ක්‍රමයදැයි හඳුනා ගත හැකිව තිබුණි.




දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මුල් ක්‍රමය අතහැර z  අගය වෙන වෙනම ගණනය කර ඇති අතර මෙහි ප්‍රතිපලය ගැන කතා කිරීමට ඉතුරුව ඇත.




දැනට වී ඇති දෙය ගැන ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලිපියක් ලියා ඇත. දැනට වී ඇති දෙය ගැන ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලිපියක් ලියා ඇත. එයට අනුව දෙවැනි/තෙවන වර ලියු සිසුන්ට සිදුව ඇත්තේ ඇති විශාල අසාධාරණයක් බව පැහැදිලිවම පෙනේ. විශේෂයෙන්ම වෛද්‍ය හා ඉන්ජිනේරු අංශවලන අයදුම් කල දෙවන/තෙවන වර ලියු සිසුන්ට විශාලම අසාධාරණය සිදු වී ඇති බව පෙනේ.  එය මම වචනයෙන් කියනවට වඩා ඔබම බැලීමෙන් තේරුම් ගත හැක. වගු දෙස බැලීම අපට වැදගත් වේ.


 
ඉහත වගුව බලන විට පැහැදිලිවම 60% අවට තිබිය යුතු දෙවන/තෙවන වර සිසුන්ගේ ප්‍රමාණය සියයට විසි ගණනට අඩු වී ඇති බව පෙනේ.(pooled score කියා ඇත්තේ මෙව්වා කල ක්‍රමයයි. separate කියා ඇත්තේ මහාචාර්ය තට්ල් කිවූ ක්‍රමයයි)


මේ අනුව "දුපත්තුන් තව දුප්පත් කර පෝසතුන් තව පෝසත් කිරීමට" විරුද්ධව මහාචාර්ය තට්ල්ගේ ඉදිරිපත්කල ක්‍රමයට අනුව පළමුවර විභාගය ලියු සිසුන් ඉහල ධනවතුන් බවටත් දෙවන/ තෙවන වර ලියු සිසුන් දුපත්කමෙන් එහා ගොස් හිඟන තත්වයටත් පත්ව ඇත.  




ප ලි : z ලකුණු ලබාගත් ක්‍රම ගැන කීමේදී කියා යුත්තේ එහි එහි ගණිතමය ලෙස ගත විට නිවැරදිම හෝ වැරදි දෙයක් කියා නැති බවය. දෙකේම දුර්වලකම් ඇත. කව්රුන් හෝ මහාචාර්ය කෙනෙක් කී පලියටම දෙයක් වැරදි නොවේ. වඩා නිවැරදි බව කිව හැක්කේ නිසි පර්යේෂණයක් (මෙතැනදී නම් එය භාවිතා කර ලැබෙන ප්‍රතිපල දෙස බැලීමෙන් ) තුලින්ම පමණි.


යොමුව :
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347





Thursday, July 5, 2012

වහාම විදුලි මිල ඉහල නංවමු

විදුලි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලයට පාඩුවක් නොවන මට්ටමට ඉහල නැංවිය යුතුය. මේ කියා ඇත්තේ සමහර ලිපි වල ලියන්නාක්මෙන් මහින්ද රාජපක්ෂට චන්දය දුන් අයට උපහාසයක් ලෙස විදුලි මිල ඉහල දැමිය යුතු බව කීමක් නොවේ. ඇත්තටම විදුලි මිල ඉහල දැමිය යුතු බවය. තමන්ගේ පසුම්බියට තමන්ම තට්ටු කරගන්නට හදන්නේ මොන අමාරුවකටදැයි මේ කියවන්නෙකුට සිතිය හැක. නමුත් මෙහි සාමාන්යෙන් කවුරුත් නොසිතන ඇත්ත නම් කෙලින් හෝ වටෙන් කොහොමත් තට්ටු වන්නේ තමන්ගේ පසුම්බියට බවයි.


මේ කතාව තේරුම් ගන්නට කරුණු කිහිපයක් තේරුම් ගත යුතුය. ඒවා නම්,
1. රජයකට මුදල් නැත. තිබෙන්නේ මහජනයගෙන්ම බදු ලෙස උපාය ගන්න ඒවාය. නැතහොත් ණය ලෙස ලබා ගන්න ඒවාය. මේ ණය ගෙවිය යුත්තේ මහජනයාමය.
2. රජයට (රජයටම කියා) මුදල් නැති කල සහන මිලට කුමක් හෝ දෙන්නේ (ඒවාය නිෂ්පාදන මිලට අඩුවෙන්) අර කලින් මහජනයාගෙන් ගත් මුදල් වලින්මය. නැතහොත් මහජනයාම අන්තිමේදී ගෙවිය යුතු ණය වලිනි.




  • රජයකට මුදල් අච්චු ගසා මුදල් සැදිය හැක. සිතේ හැටියට මුදල් අච්චු ගහන්නට පටන් ගත් විට (ප්‍රමාණය ඉක්මවා) මුදලේ අගය පහල යන බව දැන් පොදු දැනුමක් වී ඇති නිසා එය මම මේ ලිපියේ කොහෙවත් අඩංගු නොකරමි.




ඉහත කරුණ වැඩ පැහැදිලි කිරීමට විදුලි මිලම උදාහරණයකට ගනිමු. විදුලි ඒකකයක නිෂ්පාදන මිල රුපියල් 20 යයි සිතමු. එය පාරිභෝගිකයාට දෙන්නේ රු. 15 නම් ඒකකයට රු.5 ක පාඩුවක් සිදු වේ. මොන තරම් කාර්යක්ෂමතාව වැඩි කලත් මෙය වසා ගත නොහැකි පාඩුවකි. එවිට පාඩුව මකා ගන්නට විදුලි බල මණ්ඩලයට (CEB) රජයෙන් මුදල් ණය ලෙස හෝ ආධාර ලෙස ලබා ගත යුතුය. මෙලෙස දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් ගන්න ණය ගෙවිය නොහැකි බොල් ණය වේ. එවිට එහි පාඩුවද මහජනයා මතය. රජය ආධාර ලෙස මුදල් දුන්නත් ඒ මුදල් දෙන්නේද මහජනයාගෙන් බදු ලෙස ගන්නා මුදල් වලිනි. කොයි  පාරෙන් ගියත් එය මහජනයාගේ මුදල්ය.


රජය පාඩුව දරා ගැනීම, රජය පාඩු විඳීම හෝ රජය ඒ බර දැරීම - මගින් මහජනයාට සහන සැලසීම
ශ්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් මහජනතාව නොමග යැවීමට (ගොනාට ඇන්දවීමට) බාවිතා කරන කියමනකි ඉහත කළු අකුරින් දක්වා ඇත්තේ. රජයකට මුදල් අලුතින් සැදිය හැකි විදිහක් නැති බව මම මුලින්ම කිව්වෙමි. ඉතින් රජයකට එයටම කියා මුදල් නැතිනම් එය පාඩු දරන්නේ, පාඩු විදින්නේ හෝ බර දරන්නේ කෙසේද? ඒවා කල හැක්කේද මහජනයාගේම මුදල් වලිනි.


විදුලි බල මණ්ඩලය මේ වසරේ කෝටි 100 පාඩු ලබයි නම් (ඇත්ත ගණන මීට වැඩ බොහෝ වැඩිය) එය කෙලින් හෝ වක්‍ර මාර්ගයකින් ගෙවිය යුත්තේ මහජනතාවමය.
නමුත් බිලක් ගෙවනවා තරම් ඒ ගෙවීම කාගෙවත් ඇගට නොදැනෙයි. මන්දයත් එය සමහර විට ඉදිරියට එන අවුරුදු ගණනක් තිස්සේ අපිට හෝ අපෙනුත් පසු පරම්පරාවකට ගෙවන්නට සිදු වෙනවා ඇත. නමුත් අර තරම් ඇගට නොදැනෙන නිසා හැලියේ කකුළුවන් ලෙස සිටීම ඇගට පහසුය.