tag:blogger.com,1999:blog-65193249321636325212024-03-13T12:25:43.234-07:00මගේ කතාවමට හිතෙන, මම දැකපු දේවල් තමා...
නැත්නම් මගේ කතාව කියනවැයි ඉතින්...මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6519324932163632521.post-91680502163138319772013-06-03T22:20:00.002-07:002013-06-03T22:20:47.424-07:00 වහාම විදුලි මිල ඉහල දමව් කෙටි කාලීනව වහා කල යුතු දෙයක් නම් විදුලි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලයට පාඩුවක් නොවන
මට්ටමට ඉහල නැංවිය යුතුය. මේ කියා ඇත්තේ සමහර ලිපි වල ලියන්නාක් මෙන් මහින්ද
රාජපක්ෂට චන්දය දුන් අයට උපහාසයක් ලෙස විදුලි මිල ඉහල දැමිය යුතු බව කීමක්
නොවේ. ඇත්තටම විදුලි මිල ඉහල දැමිය යුතු බවය. තමන්ගේ පසුම්බියට තමන්ම
තට්ටු කරගන්නට හදන්නේ මොන අමාරුවකටදැයි මේ කියවන්නෙකුට සිතිය හැක. නමුත්
මෙහි සාමාන්යෙන් කවුරුත් නොසිතන ඇත්ත නම් කෙලින් හෝ වටෙන් කොහොමත් තට්ටු
වන්නේ තමන්ගේ පසුම්බියට බවයි.

මේ කතාව තේරුම් ගන්නට කරුණු කිහිපයක් තේරුම් ගත යුතුය. ඒවා නම්,

1. රජයකට මුදල් නැත. තිබෙන්නේ මහජනයගෙන්ම බදු ලෙස උපයා ගන්න ඒවාය. නැතහොත් ණය ලෙස ලබා ගන්න ඒවාය. මේ ණය ගෙවිය යුත්තේ මහජනයාමය.

2. රජයට (රජයටම කියා) මුදල් නැති කල සහන මිලට කුමක් හෝ දෙන්නේ (ඒවාය නිෂ්පාදන මිලට
අඩුවෙන්) අර කලින් මහජනයාගෙන් ගත් මුදල් වලින්මය. නැතහොත් මහජනයාම
අන්තිමේදී ගෙවිය යුතු ණය වලිනි.

රජයකට මුදල් අච්චු ගසා මුදල් සැදිය හැක. සිතේ හැටියට මුදල් අච්චු ගහන්නට
පටන් ගත් විට (ප්‍රමාණය ඉක්මවා) මුදලේ අගය පහල යන බව දැන් පොදු දැනුමක් වී
ඇති නිසා එය මම මේ ලිපියේ කොහෙවත් අඩංගු නොකරමි. රජයකට මුදල් ( සල්ලි නෝට්ටු, කාසි අලුතින් සෑදිය හැක. ) නමුත් ධනය (wealth) සෑදිය නොහැක.

ඉහත කරුණ වැඩ පැහැදිලි කිරීමට විදුලි මිලම උදාහරණයකට ගනිමු. විදුලි ඒකකයක
නිෂ්පාදන මිල රුපියල් 20 යයි සිතමු. එය පාරිභෝගිකයාට දෙන්නේ රු. 15 නම්
ඒකකයට රු.5 ක පාඩුවක් සිදු වේ. මොන තරම් කාර්යක්ෂමතාව වැඩි කලත් මෙය වසා ගත
නොහැකි පාඩුවකි. එවිට පාඩුව මකා ගන්නට විදුලි බල මණ්ඩලයට (CEB) රජයෙන්
මුදල් ණය ලෙස හෝ ආධාර ලෙස ලබා ගත යුතුය. මෙලෙස දිගින් දිගටම පාඩු ලබන
ආයතනයක් ගන්න ණය ගෙවිය නොහැකි බොල් ණය වේ. එවිට එහි පාඩුවද මහජනයා මතය. රජය
ආධාර ලෙස මුදල් දුන්නත් ඒ මුදල් දෙන්නේද මහජනයාගෙන් බදු ලෙස ගන්නා මුදල්
වලිනි. කොයි පාරෙන් ගියත් එය මහජනයාගේ මුදල්ය.

රජය පාඩුව දරා ගැනීම, රජය පාඩු විඳීම හෝ රජය ඒ බර දැරීම - මගින් මහජනයාට සහන සැලසීම

ශ්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් මහජනතාව නොමග යැවීමට (ගොනාට
ඇන්දවීමට) බාවිතා කරන කියමනකි ඉහත කළු අකුරින් දක්වා ඇත්තේ. රජයකට මුදල්
අලුතින් සැදිය හැකි විදිහක් නැති බව මම මුලින්ම කිව්වෙමි. ඉතින් රජයකට
එයටම කියා මුදල් නැතිනම් එය පාඩු දරන්නේ, පාඩු විදින්නේ හෝ බර දරන්නේ
කෙසේද? ඒවා කල හැක්කේද මහජනයාගේම මුදල් වලිනි.

විදුලි බල මණ්ඩලය මේ වසරේ කෝටි 100 පාඩු ලබයි නම් (ඇත්ත ගණන මීට වැඩ බොහෝ
වැඩිය) එය කෙලින් හෝ වක්‍ර මාර්ගයකින් ගෙවිය යුත්තේ මහජනතාවමය.

නමුත් බිලක් ගෙවනවා තරම් ඒ ගෙවීම කාගෙවත් ඇගට නොදැනෙයි. මන්දයත් එය සමහර
විට ඉදිරියට එන අවුරුදු ගණනක් තිස්සේ අපිට හෝ අපෙනුත් පසු පරම්පරාවකට
ගෙවන්නට සිදු වෙනවා ඇත. නමුත් අර තරම් ඇගට නොදැනෙන නිසා හැලියේ කකුළුවන්
ලෙස සිටීම ඇගට පහසුය.

කාලෙකට පෙර ලියු ලිපියකි. අලුත් විදුලි බිලට මොනවා කරන්නද යන්න ගැන බ්ලොග් ලිපි කීපයක් කියවු පසු පල කරන්නට සිතුනි.

ප.ලි.: WA විජේවර්ධන , තිලක් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ හා ft, lbo යන වෙබ් අඩවි වලින් ගත් ලිපි ඇසුරින් ලියුවකි.

මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com1tag:blogger.com,1999:blog-6519324932163632521.post-48006439162194035452012-08-21T07:30:00.001-07:002012-08-22T06:23:07.696-07:00ආසනික්! ආසනික්! ආසනික්!ආසනික් විතරක් නෙමේ කැඩ්මියම්ත් තිබේ.

යලිත් වරක් ආසනික් ගැන කතා බහ ඇති වෙමින් තිබේ. මේ ගැන හොඳ අවධානයකින් සිටි
අය නම්, "යලිත් වරක්" අමුතුවෙන් මේ කතාබහ ඇති වීමට එය නැති වී තිබුනේ නැති
බව දනිති. කෙසේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් කියවෙන්නේ 63%
(වකුගඩු) රෝගීන්ගේ මුත්‍රා වල බලපෑම් ඇතිකළ හැකි මට්ටමට ආසනික් අඩංගු වන
බවයි. එසේම 56% රෝගීන්ගේ මුත්‍රා වල බලපෑම් ඇතිකළ හැකි මට්ටමට කැඩ්මියම්ද
අඩංගු වන බවයි. එසේම 88% රෝගීන්ගේ මුත්‍රා වල ආසනික් මෙන්ම කැඩ්මියම් ද අනතුරු දායක නොවන්නේ යයි කියන මට්ටමක ඇත.

ඒ වාර්තා අනුව ආසනික්, කැඩ්මියම්, කෘෂි රසායනික මේ රෝග තත්වයට හේතු කාරක
ලෙස සැක කෙරෙන අතර ජානමය සාධක (පවුලේ අයට වකුගඩු රෝග වැළඳී තිබීම) මෙන්ම
ජලයේ කිවුලද මේ රෝග තත්වය වැඩි වීමට බලපා ඇතැයි සැක කල හැක.

මීට මාස ගණනකට පෙර තිබු පර්යේෂණය සැසිවාරයකදී මීට සමාන මත පලවී තිබු බව
විදුසරේ පලවිය. මෙය වෙනත් "ජාතික" පුවත්පත් වල පල වුයේ නැත්තේ අයි දැයි
යන්න වෙනමම ප්රශ්නයකි. එසේම සාමාන්යෙන් සාමන්‍ය ජනතාවට අහිතකර ඕනෑම
දෙයෙකදී හඬ නගන මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලකයන්, "සිවිල් සංවිධාන"
ක්‍රියාකාරීන්, ගොසිප් අඩවි වැනි එකී මෙකි නොකී සියලු දෙනා මේ කෙරෙහි දක්වා
ඇති නිහඬතාවද (පරිසර සංවිධාන කීපයක් හැර) එවැනිම වෙනමම ප්රශ්නයකි.

මේ ලිපියේ අඩංගු කරුණු වලට මුල් වූ තොරතුරු වල සත්‍යතාව මැනීමට මම සමතෙක්
නොවෙමි. ඒ ගැන කරුණු බොහෝ දන්නා අය සයිබරයේ සිටින නිසා ඔවුන්ගේ මත
බලාපොරොත්තු වෙමි.

ප ලි : එම වාර්තාවේ, පොහොර හා කෘෂි රසායන වල තත්වය පාලනය සඳහා වහා පියවර ගත යුතු බව නිර්දේශ කර නො තිබුනා යයි නොකිවහොත් එය අඩුවකි.

http://www.scribd.com/doc/102940101/WHo-Full-Report (මේ කොටස ලංකා සි නිවුස් අඩවිය වෙතිනි)

http://www.vidusara.com/2012/03/14/news2.html

http://www.vidusara.com/2012/02/29/news3.html

http://www.vidusara.com/2012/08/22/feature6.html (
ආචාර්ය පී. මංගල සී. එස්. ද සිල්වා විදුසරට ලියු ලිපිය) මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com0tag:blogger.com,1999:blog-6519324932163632521.post-55227765449460960262012-07-26T07:41:00.000-07:002012-07-27T21:56:51.160-07:00නව z ලකුණු ක්‍රමය: පෝසතුන් හිගන්නන් වීමමේ z ලකුණු ගනුදෙනුව මට පෙනෙන හැටියට නම් දේශපාලකයන්ගේ එතරම් සහයකින් තොරව
ආචාර්ය/මහාචාර්ය තුමන්ලා හා දේශපාලන අරමුණු කරපින්නාගත් අයගේ සහය ඇතිව ඇති
කරගත් අවුලකි (දැන් කවුරුන් හෝ කඩා පැන මට බනින්නට පෙර කිව යුත්තේ අපේ
අධ්‍යාපනය බාර දෙපලම එක සේ අනා ගන්නා දේපොලක් බවයි. නමුත් මේ කාරණයේදී
ඔවුන්ගේ මහා මැදිහත් වීමක් මට නොපෙනේ). එසේ කීමෙහි තේරුම මෙහි වගකීමෙන් රජයට
නිදහස් විය හැකි බව නොවේ. මේ ප්රශ්නයේ විසදීමේ වගකීම රජය සතුය.

මේ z අර්බුධය ගැන සියලු දෙනාම දන්නා දෙයක් නිසා සේම එහි ගණිතය ගැන නොදන්නා
දේ සේම තේරුම් ගැනීමට අසීරු දේ ඇති නිසා එහි ගණිතමය පැත්ත ගැන විස්තර කතා
නොකරමි. නමුත් මෙහි පසුබිම ගැන කිසියම් සදහනක් නොකර සිටියහොත් වරදකි.

2011 උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකකින් උගත් සිසුන් ලියු නිසා හා
ඔවුන් උත්තර ලියුවේ එකිනෙක වෙනස් ප්‍රශ්න පත්‍ර වලටය. උදාහරණයක් ලෙස පරණ
නිර්දේශ A ප්‍රශ්න පත්‍රය හා නව නිර්දේශ A ප්‍රශ්න පත්‍රය ගත හැක (A යනු
ගණිතය, රසායන විද්‍යාව වැනි විෂයක් කියා ගනිමු). මේ ප්‍රශ්න පත්‍ර දෙකේ
පැහැදිලිවම වෙනස් කම් තිබිය හැකි නිසා මේ දෙකොටසම එකම ගොඩට ගැනීමේ
ප්‍රශ්නයක් මතු වේ.

මේ සිද්දිය පැහැදිලි කිරීමට අධිවේගී මාර්ගයේ කිලෝමීටර් පනහක් හා සාමාන්‍ය
මාර්ගයක එම දුරම එකම මොඩලයේ සර්වසම වාහන දෙකකින් යාමට යන කාලය උදාහරණයට ගත
හැක. මේ කාලය මැනීම අනුව එක්මනින් ගිය වාහනයට වේගයෙන් යා හැකි යයි කීම
වැරදිය (මෙහිදී පළමු වර දෙවන වර ආදී කීප වාරයක ලියන සිසුන් සිටින නිසා
කොහොම කලත් z ක්රමයේ දෝෂ තිබේ. එය හරියට එකම මොඩලයේ පරණ හා අලුත් වාහන
වලින් එකම පාරක රේස් යාමෙන් අසාධාරණයක් සිදු වීම වැනිය. නමුත් ඒවා මෙතනට
අදාල නැත.එසේම 100% නිවැරදි සාධාරණ ක්‍රම කියා දෙයක්ද නැත).

ඉහත දක්වන ලද ආකාරයේ ප්‍රශ්න නිසා මේ සඳහා විද්වත් කමිටුවක් මුලින්ම පත්
කරන ලද අතර මෙයට සංඛ්‍යානය (ජ්‍යාමිතිය ගැන නොවේ) පිලිබඳ ආචාර්ය/මහාචාර්ය
වරුන් පත් කර ගන්නා ලදී. ඔවුන් මේ ලකුණු ලයිස්තු දෙකින් එක z අගයක් එන
ආකාරයේ සුත්‍රයක් සාදා නිම කර දුන් අතර මෙයට එරෙහිව පළමු වෙඩි මුරය තිබ්බේ
කව්දැයි මට මතක නැත. කෙසේ නමුත් මේ ගැන විශාල සමාජ කතිකාවතක් ඇති වූ අතර
එතන සිට වූ දේවල් ගැන සියලු දෙනා දනී.

මේ z සුත්‍රය ගැන කියන විට මෙය මේ තත්වයට පත් වීමට මා දකින ප්‍රධාන හේතුව
රජයේ නැත්නම් වග කිව යුත්තන්ගේ ඇති සිදු වූ වැරදීම් හා නොසැලකිලිමත්භාවයයි.
මෙහිදී මහාචාර්ය තට්ල් විසින් කල අභියෝගයට ලක් කිරීම (academic challenge)
නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත් විය.

අධ්‍යාපන කටයුතු පරිපාලනයේදී ඇමතිවරුන් දෙදෙනා ඇති සිදුවන නා ගැනීම් නිසා
කොහොමටත් මහජනයා සිටියේ මොකක් හෝ මගඩියක් ගැන සැකයෙනි. හිටපු විභාග
කොමසාරිස්වරයාගේ "මෙව්වා" කිරීම ඉතුරු ටික කළේය. හිටපු විභාග
කොමසාරිස්වරයා "ගෙදර වැඩ නොකර" විවාදය යාම ඔහුගේ වැරැද්දක් වුවද එහි තේරුම
මුල් ("මෙව්වා" ක්‍රමය) ක්රමයේ වැරැද්දක් ඇති බව නොවේ. නමුත් බලාපොරොත්තු
විය හැකි පරිදිම මහජනතාව මෙය තේරුම් ගත්තේ "විභාග කොමසරිස්ටවත් නොතේරෙන මහා
මගඩි සුත්‍රයක්" ලෙසය. ඇත්තම කියනවනම් විභාග කොමසාරිස්වරයා මේ සුත්‍රය දැන
සිටීම හෝ නොදැන සිටීම හෝ තේරුම් ගැනීම හෝ නොගැනීම මේ සුත්‍රයේ හොඳ නරක
කීමට සහතිකයක් නොවේ (එය විභාග කොමසාරිස්ගේ දක්ෂතාව ගැන කියන්නකි). උදාහරණයක් ලෙස මයික්‍රොසොෆ්ට් සමගම ඉහලම කළමනාකරු වන ප්‍රධාන විධායක තැන
එහි නිෂ්පාදන ගැන සියලු දේ දැන ගැනීම අවශ්‍ය නැත. නමුත් අවශ්‍ය දේ දැන
ගැනීම මෙන්ම අවශ්‍ය නම් ඒ ගැන සියලු දේ දන්නා අයගෙන් ප්‍රයෝජනයක් ගැනීමටද
දත යුතුය.

මහාචාර්ය තට්ල් විසින් කල අභියෝගයක් කලා නම් මෙයට පිළිතුරු දෙන්නට තිබුනේ
එය සෑදු ආචාර්ය මහාචාර්ය පිරිස මිස ඇමතිවරුන්, කොමසාරිස් හෝ කොමිසමේ සභාපති
නොවේ. මේ ගැන කල යුතුව තිබු නිවැරදි ක්‍රියා මාර්ගය නම් ක්‍රම දෙකම යොදා
වැඩි සාර්ථක මොන ක්‍රමයදැයි පර්යේෂණයක් කර නිගමන ලබා ගැනීමය. මෙය වැඩි
දුරටත් පැහැදිලිව කියනවනම් පසු ගිය වසර ගණනක කාලය තුල විශ්ව විද්‍යාල
පාඨමාලා වලට ඇතුලත් වූ පිරිස අතරින් මොන ප්‍රතිශතයක් පළමු වර පැමිණියද
දෙවෙනිවර පැමිණියාද කියා සංඛ්‍යා ලේඛන ඇත. එමගින් ඒ තුලින් රටාවක් හදුනා ගත
හැක. උදාහරණයක් ලෙස පසු ගිය වසර 10 තුල පළමුවර පැමිණි සිසුන්ගෙන් 42%-48%
අතර පිරිසක් පාඨමාලා වලට ඇතුළු වුවානම් මෙවරද එය එසේම වන බවට සාධාරණ
උපකල්පනයක් කල හැක (ගිය වසරවල වඩා මෙවර දෙවෙනි වර ලියු සිසුන්ගේ බුද්ධියේ
මහා පරිමාණ අඩු වීමක් තිබිය නොහැක). දැන් තිබෙන z ක්‍රම දෙකම (වෙන වෙන
හා දෙකම එකට යොදා) යොදා ගණනය කිරීමක් කර එම ක්‍රම දෙකින් කුමන ක්‍රම කලින්
හඳුනා ගත් රටාවට වඩාත් කිට්ටු වන්නේදැයි බැලීමෙන් අපට වඩා සාර්ථක කුමන
ක්‍රමයදැයි හඳුනා ගත හැකිව තිබුණි.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මුල් ක්‍රමය අතහැර z අගය වෙන වෙනම ගණනය කර ඇති අතර මෙහි ප්‍රතිපලය ගැන කතා කිරීමට ඉතුරුව ඇත.

දැනට වී ඇති දෙය ගැන ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the
island" පුවත්පතට ලිපියක් ලියා ඇත. දැනට වී ඇති දෙය ගැන ආචාර්ය ගුණතිලක
මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලිපියක් ලියා ඇත. එයට
අනුව දෙවැනි/තෙවන වර ලියු සිසුන්ට සිදුව ඇත්තේ ඇති විශාල අසාධාරණයක් බව
පැහැදිලිවම පෙනේ. විශේෂයෙන්ම වෛද්‍ය හා ඉන්ජිනේරු අංශවලන අයදුම් කල
දෙවන/තෙවන වර ලියු සිසුන්ට විශාලම අසාධාරණය සිදු වී ඇති බව පෙනේ.  එය මම වචනයෙන් කියනවට වඩා ඔබම බැලීමෙන් තේරුම් ගත හැක.  වගු දෙස බැලීම අපට වැදගත් වේ.

ඉහත වගුව බලන විට පැහැදිලිවම 60% අවට තිබිය යුතු දෙවන/තෙවන වර සිසුන්ගේ ප්‍රමාණය සියයට විසි ගණනට අඩු වී ඇති බව පෙනේ.(pooled score කියා ඇත්තේ මෙව්වා කල ක්‍රමයයි. separate කියා ඇත්තේ මහාචාර්ය තට්ල් කිවූ ක්‍රමයයි)

මේ අනුව "දුපත්තුන් තව දුප්පත් කර පෝසතුන් තව පෝසත් කිරීමට" විරුද්ධව
මහාචාර්ය තට්ල්ගේ ඉදිරිපත්කල ක්‍රමයට අනුව පළමුවර විභාගය ලියු සිසුන් ඉහල
ධනවතුන් බවටත් දෙවන/ තෙවන වර ලියු සිසුන් දුපත්කමෙන් එහා ගොස් හිඟන
තත්වයටත් පත්ව ඇත.

ප ලි : z ලකුණු ලබාගත් ක්‍රම ගැන කීමේදී කියා යුත්තේ එහි එහි ගණිතමය ලෙස ගත විට
නිවැරදිම හෝ වැරදි දෙයක් කියා නැති බවය. දෙකේම දුර්වලකම් ඇත. කව්රුන් හෝ
මහාචාර්ය කෙනෙක් කී පලියටම දෙයක් වැරදි නොවේ. වඩා නිවැරදි බව කිව හැක්කේ
නිසි පර්යේෂණයක් (මෙතැනදී නම් එය භාවිතා කර ලැබෙන ප්‍රතිපල දෙස බැලීමෙන් ) තුලින්ම පමණි.

යොමුව :

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347

මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com10tag:blogger.com,1999:blog-6519324932163632521.post-39320477924903293222012-07-05T04:37:00.002-07:002012-07-06T23:50:01.721-07:00වහාම විදුලි මිල ඉහල නංවමුවිදුලි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල මණ්ඩලයට පාඩුවක් නොවන
මට්ටමට ඉහල නැංවිය යුතුය. මේ කියා ඇත්තේ සමහර ලිපි වල ලියන්නාක්මෙන් මහින්ද
රාජපක්ෂට චන්දය දුන් අයට උපහාසයක් ලෙස විදුලි මිල ඉහල දැමිය යුතු බව කීමක්
නොවේ. ඇත්තටම විදුලි මිල ඉහල දැමිය යුතු බවය. තමන්ගේ පසුම්බියට තමන්ම
තට්ටු කරගන්නට හදන්නේ මොන අමාරුවකටදැයි මේ කියවන්නෙකුට සිතිය හැක. නමුත්
මෙහි සාමාන්යෙන් කවුරුත් නොසිතන ඇත්ත නම් කෙලින් හෝ වටෙන් කොහොමත් තට්ටු
වන්නේ තමන්ගේ පසුම්බියට බවයි.

මේ කතාව තේරුම් ගන්නට කරුණු කිහිපයක් තේරුම් ගත යුතුය. ඒවා නම්,

1. රජයකට මුදල් නැත. තිබෙන්නේ මහජනයගෙන්ම බදු ලෙස උපාය ගන්න ඒවාය. නැතහොත් ණය ලෙස ලබා ගන්න ඒවාය. මේ ණය ගෙවිය යුත්තේ මහජනයාමය.

2. රජයට (රජයටම කියා) මුදල් නැති කල සහන මිලට කුමක් හෝ දෙන්නේ (ඒවාය නිෂ්පාදන මිලට
අඩුවෙන්) අර කලින් මහජනයාගෙන් ගත් මුදල් වලින්මය. නැතහොත් මහජනයාම
අන්තිමේදී ගෙවිය යුතු ණය වලිනි.

රජයකට මුදල් අච්චු ගසා මුදල් සැදිය හැක. සිතේ හැටියට මුදල් අච්චු ගහන්නට
පටන් ගත් විට (ප්‍රමාණය ඉක්මවා) මුදලේ අගය පහල යන බව දැන් පොදු දැනුමක් වී
ඇති නිසා එය මම මේ ලිපියේ කොහෙවත් අඩංගු නොකරමි.

ඉහත කරුණ වැඩ පැහැදිලි කිරීමට විදුලි මිලම උදාහරණයකට ගනිමු. විදුලි ඒකකයක
නිෂ්පාදන මිල රුපියල් 20 යයි සිතමු. එය පාරිභෝගිකයාට දෙන්නේ රු. 15 නම්
ඒකකයට රු.5 ක පාඩුවක් සිදු වේ. මොන තරම් කාර්යක්ෂමතාව වැඩි කලත් මෙය වසා ගත
නොහැකි පාඩුවකි. එවිට පාඩුව මකා ගන්නට විදුලි බල මණ්ඩලයට (CEB) රජයෙන්
මුදල් ණය ලෙස හෝ ආධාර ලෙස ලබා ගත යුතුය. මෙලෙස දිගින් දිගටම පාඩු ලබන
ආයතනයක් ගන්න ණය ගෙවිය නොහැකි බොල් ණය වේ. එවිට එහි පාඩුවද මහජනයා මතය. රජය
ආධාර ලෙස මුදල් දුන්නත් ඒ මුදල් දෙන්නේද මහජනයාගෙන් බදු ලෙස ගන්නා මුදල්
වලිනි. කොයි පාරෙන් ගියත් එය මහජනයාගේ මුදල්ය.

රජය පාඩුව දරා ගැනීම, රජය පාඩු විඳීම හෝ රජය ඒ බර දැරීම - මගින් මහජනයාට සහන සැලසීම

ශ්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් මහජනතාව නොමග යැවීමට (ගොනාට
ඇන්දවීමට) බාවිතා කරන කියමනකි ඉහත කළු අකුරින් දක්වා ඇත්තේ. රජයකට මුදල්
අලුතින් සැදිය හැකි විදිහක් නැති බව මම මුලින්ම කිව්වෙමි. ඉතින් රජයකට
එයටම කියා මුදල් නැතිනම් එය පාඩු දරන්නේ, පාඩු විදින්නේ හෝ බර දරන්නේ
කෙසේද? ඒවා කල හැක්කේද මහජනයාගේම මුදල් වලිනි.

විදුලි බල මණ්ඩලය මේ වසරේ කෝටි 100 පාඩු ලබයි නම් (ඇත්ත ගණන මීට වැඩ බොහෝ
වැඩිය) එය කෙලින් හෝ වක්‍ර මාර්ගයකින් ගෙවිය යුත්තේ මහජනතාවමය.

නමුත් බිලක් ගෙවනවා තරම් ඒ ගෙවීම කාගෙවත් ඇගට නොදැනෙයි. මන්දයත් එය සමහර
විට ඉදිරියට එන අවුරුදු ගණනක් තිස්සේ අපිට හෝ අපෙනුත් පසු පරම්පරාවකට
ගෙවන්නට සිදු වෙනවා ඇත. නමුත් අර තරම් ඇගට නොදැනෙන නිසා හැලියේ කකුළුවන්
ලෙස සිටීම ඇගට පහසුය.

මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com1tag:blogger.com,1999:blog-6519324932163632521.post-52003114795013591002011-09-12T09:49:00.000-07:002011-09-15T07:37:25.008-07:00කොළොඹ චන්දය හා කොළොඹ සංවර්ධනය

කොළොඹ චන්දය හා කොළොඹ සංවර්ධනය

කොළොඹ චන්දයට තව වැඩි කල් නැත. සාමන්යෙන් නම් මේ චන්දෙයේ ප්‍රතිපලය ගැන විවාදයක් නැත. මන්ද කොළඹ යනු UNP යේ ඉහලම බල ප්‍රදේශය වීමයි. අසා ඇති අන්දමට පනහ දශකයේ සිට අඛණ්ඩව කොළොඹ UNP ය. 2006 දී කොළොඹ පිට ගියේ චන්ද දායකයන්ගේ වෙනස් වීමකින් නොව UNP නායකයන් නාමයෝජනා දීමේදී කරගත් අවුලක් නිසාය. එතරම් UNP කොළොඹ ගැන මෙදා පොටේ මෙතරම් කතා බහක් ඇති වී ඇත්තේ දැන් ඇත්තේ 2006 දී තිබු කොළොඹ නොවන නිසාය. පසු ගිය නගරාධිපතිතුමා නිසා ඇති වූ ජන්ජාල නිසා කොළොඹ පරිපාලනයේ ඇති වුයේ අරාජික බවකි. අන්තිමට නගර පාලනය විශේෂ කොමසාරිස් කෙනෙක් යටතට පත් කරන තරමට තත්වය අවුල් විය. එසේම 2010 අප්‍රේල් මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය (UDA) ආරක්ෂක අමාත්‍යශය යටතට පත් කිරීමද සිදුවුනි. ඉන්පසු ගෙවුණු වසර එකහමාරකට අඩු කාලය තුල සැහෙන වෙනසක් කොළොඹ නගරය තුල සිදුවුණි. අනවසර ඉදිකිරීම්, කටවුට් ආදිය ඉවත් කෙරුණු අතර මාර්ග අලුත් වැඩියාව, ජල මාර්ග නවීකරණය වඩාත් ක්‍රමවත්ව සිදුවුණි. දශක ගණනාවක සිට ෆයිල් තුල සිරවී තිබු සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැගුනු අතර, නගර තුල සැහෙන වෙනසක් වී ඇති බව පෙනෙන්නට තිබේ. (කොළොඹ අනාගත සැලසුම් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා දිගු විස්තරයක් කර තිබු අතර එයේ defence.lk හි පලවිය. මෙහි සිංහල පරිවර්තනය ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවිය. බත්තරමුල්ලේ අලුතින් ඉදිවන සෙත්සිරිපාය ඊලග අදියර මේ සැලසුමේ එක් කොටසකි.)

එසේම මුඩුක්කු ඉවත් කිරීම හා මුඩුක්කුවාසීන්ට නව නිවස ලබා දීම ගැන සැහෙන තරම් වැඩ කටුතු කෙරෙන බව පෙනෙන්නට ඇත. මතක ඇති කාලයක මේ වැඩයට අවංක උවමනාවකින් අත ගැසූ බව පෙනෙන්නට තිබුනේ මංගල සමරවීර මහතා පමණි. නමුත් UNP විරෝදය වඩා තම පක්ෂයෙන් එල්ල වූ විරෝධය හා ආණ්ඩු මාරු (මට මතක හැටියට )නිසා ඒ වැඩ පිළිවෙල කොට උඩ ගියේය. (ගෝඨාභය රාජපක්ෂ හැරෙන්නට වෙන කෙනෙකුන් අත ගැසුවා නම් මෙවරද සිදු වන්නේ ඒ සන්තැසියමය.)

ඉතින් එවැනි යහපත් තත්ත්වක් ඇති වී තිබෙන තත්වයක් යටතේ ආණ්ඩුවේ මෙවර චන්දයට පිවිසි ඇත්තේ කොළොඹ දිනීමට මෙයට වඩා අවස්ථාවක් නොලැබෙන බව දැනගෙනය. මෙවර ආණ්ඩු පිලෙන් එදිරිපත් කර ඇත්තේද බාගෙට බාගයක් පරණ UNP කාරයන්ය. මෙය පරණ UNP කාරයන්ට ඇති විශ්වාසයට වඩා කොළොඹ චන්ද ලබා ගැනීමට කරන ලද්දක් විය යුතුය. එසේම UNP හි ඇති අර්බුධ සලකන විට චන්දය UNP ය වෙත දීමට චන්ද දායකගේ උනන්දුව අඩුම අවස්ථාවක් ලෙස සැලකිය හැක. මේ ගැන (ආණ්ඩුවට මේ චන්දය දිනීමට ඇති ඉඩකඩ ගැන -සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින්) ලියු ලිපියක් (http://www.divaina.com/2011/09/12/feature01.html) මෙවර දිවයින පුවත්පතේ පලවී ඇත.

එයට අනුව මෙවර කොළොඹ චන්දය දිනීමට ආණ්ඩුවට සැහෙන අවස්ථාවක් ඇත. එසේම ඉහත කරුණු අනුවද තරාදිය ඒ අතට බර වන බව සිතිය හැක. එනමුත් ආණ්ඩුව කොළොඹ සංවර්ධනය ගැන බොහෝ දෙන ප්‍රශංසා කලත් එයට කොළොඹ චන්ද දායකයන් අතරින් සැලකිය යුතු කොටසක් වන අනවසර පදින්ච්චි කරුවන් (මම මොවුන්ට මුඩුක්කු වාසීන් නොකියන්නේ මේ අනවසර පදින්ච්චිකරුවන් අතර සැලකිය යුතු මට්ටමේ නිවස හිමි පුද්ගලයන්ද සිටින බැවිනි), පදික වෙළෙන්දන් ආදීන්ට, පොදුවේ ගත්විට නව වෙනස්කම් අයහපත් ලෙස බලපෑ පුද්ගලයන් මේ නව යෝජිත වෙනස්කම් වලට කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද යන්න ඉතා වැදගත්ය. ඒ මන්දයත් කොළොඹ වෙනස අගයන බොහෝ පිරිස් කොළොඹ නගර සීමාව තුල ජීවත් නොවන රැකියාවට හෝ වෙනෙත් කරුණු වලට කොලොම්බට පැමිණෙන අයවලුන් වීමය. වෙනත් වචනයෙන් කිවොත් ඔවුන්ට මේ චන්දයට කල හැකි බලපෑමක් නැත. අනිත් කරුණ වන්නේ ආණ්ඩුව නැති වූ නිවස වෙනුවට අලුත් නිවස සපයන බවට වූ පොරොන්දුව කොතරම් දුරට මේ ජනතාව විශ්වාස කරයිද යන්නය. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් දී ඇති පොරොන්දු සලකන විට මේවායේ ඇති විශ්වසනීයත්වය නැත්නම් ජනතාවට මේවා ගැන ඇති විශ්වාසය ඉතා අඩුය. මා දන්නා තරමට ආණ්ඩුව මේ ජනතාව කොලොඹීන් පිටට ගෙනයාමට තීරණය කර ඇති බව කියා නැත. නමුත් විරුද්ද පක්ෂ විසින් මේ චෝදනාව සැහෙන වතාවක් එල්ල කර ඇත. එනිසා ආණ්ඩුව නොකියූවත්, වඩා ඉඩකඩ ඇත්තේ ජනතාව විරුද්ද පක්ෂ චෝදනාව පැත්තට නැඹුරු වීමටය. ආණ්ඩුව ගැන විශ්වාසය තිබුනත් තමන් සිටින නිවස අතහැර වසර කිහිපයකින් දෙනවා යයි කියන නව නිවසක් ගැන බලාපොරොත්තු තබා නික්ම යාමට මිනිසුන් කැමති වේද යන්නේ සැක සහිතය.

UNP යේ කොළොඹ චන්දය සම්බන්ධ ප්‍රධාන පොරොන්දු වී ඇත්තේ සාරාංශයක් සේ ගතහොත් ආණ්ඩුව කරනවා යයි කියන දේ ආණ්ඩුව කරද්දී ජනයාට වන අහිතකර බලපෑම් වලින් තොරව ඉටු කරදීමය. නැතහොත් වෙනත් වචන වලින් කියනවානම් ආණ්ඩුව කරන දේම ආණ්ඩුවට වඩා හොදට කිරීමය. පොරොන්දුවක් ලෙස කෙසේ වුවත් මෙය ඇත්තටම කරන්නේ කෙසේද යන්න ගැන සැහෙන ගැටළු ඇති බව සැබැය. එසේම ජනතාවගේ නිවස වෙනුවෙන් තම මිය යාමට වුවත් සුදානම් බව හැගවෙන ප්‍රකාශයක්ද මුසම්මීල් මහතා කියා ඇත. මෙයද පොරොන්දුවක් ලෙස කෙසේ වෙතත් ඇත්තට වෙන්නට ඇති ඉඩකඩ නම් සැහෙන තරම් අඩුය (ජනතා ප්‍රශ්න වලට මුසම්මීල් මහතා දිවි කැප කරනවානම් මේ වන විට ඔහුගේ සොහොන මත දැතින් වටේ ඇල්ලිය නොහැකි තරමේ ලොකු ගස් තිබිය යුතුය. මෙය ඒ මහතා පමණක් නොව මෙවැනි ප්‍රකාශ කරන අනිත් බොහෝ දේශපාලකයන්ටත් පොදුය).

තත්ත්වය එසේ වුවත් (UNP ය දිනුවත්) ආණ්ඩුවේ වඩා පිළිවෙල වෙනස් වේ යයි සිතිය නොහැක. මංගල සමරවීර මහතා කොළොඹ හැදීමට ගියෙත් නගර සභාව UNP යට තිබිය දීය. එසේ තිබ්යදීත් ඔහුගේ වැඩ පිළිවෙල නතර කිරීමට UNP යට නොහැකි විය. ඔහුට වැඩිම බාධා ඇති කලේ ඔහුගේම පක්ෂයේ අය විසිනි. තත්වය එසේ තිබියදී එදාට වඩා බෙහෙවින් දුර්වල UNP යකට ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත්විය හැකි වේ යයි මම නොසිතමි.

මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com11tag:blogger.com,1999:blog-6519324932163632521.post-9805216090737054572011-09-10T08:32:00.001-07:002011-09-15T07:38:03.354-07:00පළමු කතාව-විකිරණශීලි බාලදක්ෂයා

සාමාන්යෙන් විකිරණ පිටවන සංයෝග සමග පර්යේෂණ කරන්නේ ඒ ගැන හොද දැනුමක් ඇති පුද්ගලයන් විසින් නිසි උපකරණ භාවිතා කිරීමෙනි. ඒ එහි ඇති අවදානම නිසාය. අත්වැරදීමකින් න්‍යෂ්ටික පිපිරීම් ඇති වීමට ඇති ඉඩ කඩ අවම (මා සිතන හැටියට බින්දුවට ආසන්නය) වුවත් විකිරණ මගින් ඇති විය හැකි හානි නිසා මේවා සමග ගනු දෙනු කිරීමේදී සියලුම රටවල් වල දැඩි නීති රීති පනවා ඇත. ඇරත් මේවාට අදාල ද්‍රව්‍ය හා උපකරණ ලබා ගැනීම දැඩි ලෙස පාලනය කර ඇත.එනිසා සාමාන්‍ය වැසියන් මේ සම්බන්ද පර්යේෂණ වල නොයෙදෙති.

තත්ත්වය එසේ උවද ඇමරිකාවේ (එක්සත් ජනපදය) මිචිගන් හි විසු ඩේවිඩ් හාන් (david hahn) වෙනස් අන්දමකට කල්පනා කල අයෙකි. අවුරුදු දහයේදී රසායන විද්‍යා පර්යේෂණ ගැන කියවූ ඔහු ඉන් පසු එම විෂය පිලිබඳ පිස්සු වැටී සිටින්නෙකු විය. අවුරුදු 14 වන විට ඔහු නයිට්‍රෝ ග්ලිසරින් නිපදව ගත් ඔහු, නිවෙසේදී අත්වැරදීමකින් සිදු වූ පිපිරීමකින් රෝහල් ගත කිරීමට සිදු විය (ඔහුගේ පර්යේෂණයක් අතරතුරදී ). ඉන්පසු ඔහුගේ මව විසින් නිවසේ පර්යේෂණ කිරීම ඔහුට තහනම් කරන අතර ඉන්පසු නිවස පිටිපස වූ මඩුවකට පර්යේෂණාගාරය ගෙන යන ලදී. ඔහු බාලදක්ෂයන් අතර ඉහලම පදක්කම ලබා ගැනීම සදහා හැදෑරුවේ න්‍යෂ්ටික බලය පිළිබදවය. ඉන්පසු න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හා විකිරණශීලි සංයෝග ගැන ඔහුගේ උනන්දුව වැඩි වූ අතර උපජනක ප්‍රතික්‍රියාකාරකයක් (breeder reactor )සැදීම ඔහුගේ අවසාන අරමුණ විය.

ඔහුට මේ සදහා තිබු විශාලම ගැටලුව වුයේ මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති අපහසුතාව හා නිසා උපදෙස් ලබා ගැනීමය. නමුත් නියම බාල දක්ෂයක් සේ අපේ කතා නායකයාද බාදක වලින් සැලෙන්නෙක් නොවේ. උපෙදෙස් ලබා ගැනීම ඔහු කලේ වැඩිහිටියකු සේ පෙනී සිටීමය. පර්යේෂකයෙකු හෝ ගුරුවරයෙකු හෝ පෙනී සිටිමින් ලිපි මගින් ඒ උපදෙස් ලබා ගැනීම කරන ලදී. එක්සත් ජනපද න්‍යෂ්ටික නියාමන කොමිසමේ නිලදාරීන්ද ඔහුට හොදින් මග පෙන්නුවහ.

න්‍යෂ්ටික අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලුව ඔහු විසදා ගත්තේ සරල ක්‍රම මගිනි. එදිනෙදා බාවිතා කරන උපකරණ වල (ඇමරිසියම් ගිනි හදුනා ගන්න උපකරණ වල, රේඩියම් රාත්‍රියට දිලිසෙන ඔරලෝසු වලින්, තෝරියම්-232 ගෑස් ලාම්පු මැන්ටලයේ) මෙම මුලද්‍රව්‍ය එත සුළු ප්‍රමාණ වලින් අඩංගු බව රහසක් නොවේ. මින් ප්‍රයෝජන ගත් ඔහු කලේ එම උපකරණ තොග පිටින් සොයා ගෙන එම අමුද්‍රව්‍ය එකතු කිරීමය. මේවා ගැනීමට මුදල් පාසල් වෙලාවින් පසු රැකියා තුලින් සොයා ගන්න ලදී.

පැරණි භාණ්ඩ අලෙවිසලකින් භාවිතා කල මැන්ටල දහස් ගණනක් ගෙන ඇමරිසියම් ද, ව්‍යාපාරික ආයතනයක් රැවටීමෙන් කැඩුණු ගිනි හදුනා ගන්න උපකරණ 100 ක් අඩු මුදලකටද, පරණ බඩු කඩයක තිබු ඔරලෝසුවකින් රේඩියම්ද සොයා ගන්නේ ලදී. පැරණි ඊයම් කුට්ටියක්, ගම් පටි වලින් ඇලවූ ඇලුමිනියම් කොළ වලින් ඔහු තම ප්රතික්රියකාරකය සැදුවේය.

ප්රතික්රියකාරකය ඔහුට උවමනා තරමට සාර්ථක නොවුනද එය සම්පුර්ණන්ම අසාර්ථක වුයේ නැත. තම නිවස සිට නිවෙස් පහක් ඇතට සැහෙන තරම් විකිරණ පැතිරී ඇති බව දැන ගත් විට (ග්රයිගර් කවුන්ටරය-විකිරණ මට්ටම මනින උපකරණයකි) මේ පර්යේෂණය දුර දිග ගොස් වැඩි යයි ඔහු බිය විය. තම "ප්රතික්රියකාරකය" වාහනයේ ඩිකියේ දමා ගෙන ගිය ඔහු පොලිසියට කොටු වූ අතර එයින් රහස එලි විය. ඔහුගේ පර්යේෂණාගාර වූ මඩුව හා උපකරණ බැරල් වල දමා සීල කර වෙනත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය සමග කාන්තාරයේ වල දැමීමට රජයට සිදු විය.

මේ ගැන පසුව අදහස් දැක්වූ ඩේවිඩ් ජීවිතයේ ඉතිරි කාලයේදී කිරීමට දේ පැවසූ අතර තම පර්යේෂණය නිසා ජීවිත කාලයෙන් වසර පහකට වඩා අඩු වුයෙයි තම නොසිතන බව ද කිවේය. මේ සියල්ල සිදු වුයේ 1994 දිය. පහත ලින්ක් එක මගින් ඔහුගේ 2007 දී ගත් චායාරුපයක් බලා ගත හැක. (මුහුණේ තුවාල වලට හේතුව විකිරණ වලට නිරාවරණය වීම යයි උපකල්පනය කෙරේ)

ප.ලි.:don 't ever try this at home කියා අමුතුවෙන් කිව යුතු නැත.

http://www.dangerouslaboratories.org/radscout.html

මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com7tag:blogger.com,1999:blog-6519324932163632521.post-23104160049326509692011-09-10T07:15:00.000-07:002011-09-15T07:38:35.340-07:00ඇරඹුමබ්ලොග් ලිවීමට අදහස සැහෙන කලෙක සිට අදහස තිබුනත් විවිද හේතු (බොහෝදුරට කම්මැලිකම, අලසකම, වැඩේ කල් දැමීම ආදිය ) නිසා මෙය සැහෙන කලෙක සිට කෙරුනේ නැත. කෙසේ උනත් අන්තිමේදී වැඩේ අමාරුවෙන් හෝ පටන් ගත්තෙමි. මෙහි මගේ අදහස්, දුටු දේ, ඇසූ දේ, කියවූ දේ ආදී නොයෙක් බහු බුත (බ.බු.) ලිවීමටද එම බ.බු. කියවන අයට මෙහි කොම්මේන්ටු දැමීමට සිතුනොත් ඒවා කියවා පොඩි ආතල් එක ගැනීමටද මම බලාපොරොතු වෙමි.මගේ කතාවhttp://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.com4