Thursday, July 26, 2012

නව z ලකුණු ක්‍රමය: පෝසතුන් හිගන්නන් වීම

මේ z  ලකුණු ගනුදෙනුව මට පෙනෙන හැටියට නම් දේශපාලකයන්ගේ එතරම් සහයකින් තොරව ආචාර්ය/මහාචාර්ය තුමන්ලා හා දේශපාලන අරමුණු කරපින්නාගත් අයගේ සහය ඇතිව ඇති කරගත් අවුලකි (දැන් කවුරුන් හෝ කඩා පැන මට බනින්නට පෙර කිව යුත්තේ අපේ අධ්‍යාපනය බාර දෙපලම එක සේ අනා ගන්නා දේපොලක් බවයි. නමුත් මේ කාරණයේදී ඔවුන්ගේ මහා මැදිහත් වීමක් මට නොපෙනේ). එසේ කීමෙහි තේරුම මෙහි වගකීමෙන් රජයට නිදහස් විය හැකි බව නොවේ. මේ ප්‍රශ්නයේ විසදීමේ වගකීම රජය සතුය.


මේ z අර්බුධය ගැන සියලු දෙනාම දන්නා දෙයක් නිසා සේම එහි ගණිතය ගැන නොදන්නා දේ සේම තේරුම් ගැනීමට අසීරු දේ ඇති නිසා  එහි ගණිතමය පැත්ත ගැන විස්තර කතා නොකරමි. නමුත් මෙහි පසුබිම ගැන කිසියම් සදහනක් නොකර සිටියහොත් වරදකි.


2011 උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකකින් උගත් සිසුන් ලියු නිසා හා  ඔවුන් උත්තර ලියුවේ එකිනෙක වෙනස් ප්‍රශ්න පත්‍ර වලටය. උදාහරණයක් ලෙස පරණ නිර්දේශ A ප්‍රශ්න පත්‍රය හා නව නිර්දේශ A ප්‍රශ්න පත්‍රය ගත හැක (A යනු ගණිතය, රසායන විද්‍යාව වැනි විෂයක් කියා ගනිමු). මේ ප්‍රශ්න පත්‍ර දෙකේ පැහැදිලිවම වෙනස් කම් තිබිය හැකි නිසා මේ දෙකොටසම එකම ගොඩට ගැනීමේ ප්‍රශ්නයක් මතු වේ.


මේ සිද්දිය පැහැදිලි කිරීමට අධිවේගී මාර්ගයේ කිලෝමීටර් පනහක් හා සාමාන්‍ය මාර්ගයක එම දුරම එකම මොඩලයේ සර්වසම වාහන දෙකකින් යාමට යන කාලය  උදාහරණයට ගත හැක. මේ කාලය මැනීම අනුව එක්මනින් ගිය වාහනයට වේගයෙන් යා හැකි යයි කීම වැරදිය (මෙහිදී පළමු වර දෙවන වර ආදී කීප වාරයක ලියන සිසුන් සිටින නිසා කොහොම කලත් z  ක්‍රමයේ දෝෂ තිබේ. එය හරියට එකම මොඩලයේ පරණ හා අලුත් වාහන වලින් එකම පාරක රේස් යාමෙන් අසාධාරණයක් සිදු වීම වැනිය. නමුත් ඒවා මෙතනට අදාල නැත.එසේම 100% නිවැරදි සාධාරණ ක්‍රම කියා දෙයක්ද නැත).


 
ඉහත දක්වන ලද ආකාරයේ ප්‍රශ්න නිසා මේ සඳහා විද්වත් කමිටුවක් මුලින්ම පත් කරන ලද අතර මෙයට සංඛ්‍යානය (ජ්‍යාමිතිය ගැන නොවේ) පිලිබඳ ආචාර්ය/මහාචාර්ය වරුන් පත් කර ගන්නා ලදී. ඔවුන් මේ ලකුණු ලයිස්තු දෙකින්  එක z අගයක් එන ආකාරයේ  සුත්‍රයක් සාදා නිම කර දුන් අතර මෙයට එරෙහිව පළමු වෙඩි මුරය තිබ්බේ කව්දැයි මට මතක නැත. කෙසේ නමුත් මේ ගැන විශාල සමාජ කතිකාවතක් ඇති වූ අතර එතන සිට වූ දේවල් ගැන සියලු දෙනා දනී. 


මේ z  සුත්‍රය ගැන කියන විට මෙය මේ තත්වයට පත් වීමට මා දකින ප්‍රධාන හේතුව රජයේ නැත්නම් වග කිව යුත්තන්ගේ ඇති සිදු වූ වැරදීම් හා නොසැලකිලිමත්භාවයයි. මෙහිදී මහාචාර්ය තට්ල් විසින් කල අභියෝගයට ලක් කිරීම (academic challenge) නිසි පරිදි  කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අසමත් විය.


අධ්‍යාපන කටයුතු පරිපාලනයේදී ඇමතිවරුන් දෙදෙනා ඇති සිදුවන නා ගැනීම් නිසා කොහොමටත් මහජනයා සිටියේ මොකක් හෝ මගඩියක් ගැන සැකයෙනි. හිටපු විභාග කොමසාරිස්වරයාගේ  "මෙව්වා" කිරීම ඉතුරු ටික කළේය.  හිටපු විභාග කොමසාරිස්වරයා "ගෙදර වැඩ නොකර" විවාදය යාම ඔහුගේ වැරැද්දක් වුවද එහි තේරුම මුල් ("මෙව්වා" ක්‍රමය) ක්‍රමයේ වැරැද්දක් ඇති බව නොවේ. නමුත් බලාපොරොත්තු විය හැකි පරිදිම මහජනතාව මෙය තේරුම් ගත්තේ "විභාග කොමසරිස්ටවත් නොතේරෙන මහා මගඩි සුත්‍රයක්" ලෙසය. ඇත්තම කියනවනම් විභාග කොමසාරිස්වරයා මේ සුත්‍රය දැන සිටීම හෝ නොදැන සිටීම හෝ තේරුම් ගැනීම හෝ නොගැනීම මේ සුත්‍රයේ හොඳ නරක කීමට සහතිකයක් නොවේ (එය විභාග කොමසාරිස්ගේ දක්ෂතාව ගැන කියන්නකි). උදාහරණයක් ලෙස මයික්‍රොසොෆ්ට් සමගම ඉහලම කළමනාකරු වන ප්‍රධාන විධායක තැන එහි නිෂ්පාදන ගැන සියලු දේ දැන ගැනීම අවශ්‍ය නැත. නමුත් අවශ්‍ය දේ දැන ගැනීම මෙන්ම අවශ්‍ය නම් ඒ ගැන සියලු දේ  දන්නා  අයගෙන් ප්‍රයෝජනයක් ගැනීමටද දත යුතුය.


මහාචාර්ය තට්ල් විසින් කල අභියෝගයක් කලා නම්  මෙයට පිළිතුරු දෙන්නට තිබුනේ එය සෑදු ආචාර්ය මහාචාර්ය පිරිස මිස ඇමතිවරුන්, කොමසාරිස් හෝ කොමිසමේ සභාපති නොවේ. මේ ගැන කල යුතුව තිබු නිවැරදි ක්‍රියා මාර්ගය නම් ක්‍රම දෙකම යොදා වැඩි සාර්ථක මොන ක්‍රමයදැයි පර්යේෂණයක් කර නිගමන ලබා ගැනීමය.  මෙය වැඩි දුරටත් පැහැදිලිව කියනවනම් පසු ගිය වසර ගණනක කාලය තුල විශ්ව විද්‍යාල පාඨමාලා වලට ඇතුලත් වූ පිරිස අතරින් මොන ප්‍රතිශතයක් පළමු වර පැමිණියද දෙවෙනිවර පැමිණියාද කියා සංඛ්‍යා ලේඛන ඇත. එමගින් ඒ තුලින් රටාවක් හදුනා ගත හැක. උදාහරණයක් ලෙස පසු ගිය වසර 10 තුල පළමුවර පැමිණි සිසුන්ගෙන් 42%-48% අතර පිරිසක් පාඨමාලා වලට ඇතුළු වුවානම් මෙවරද එය එසේම වන බවට සාධාරණ උපකල්පනයක් කල හැක (ගිය වසරවල වඩා මෙවර දෙවෙනි වර ලියු සිසුන්ගේ බුද්ධියේ මහා පරිමාණ අඩු වීමක් තිබිය නොහැක).    දැන් තිබෙන z  ක්‍රම දෙකම (වෙන වෙන හා දෙකම එකට යොදා) යොදා ගණනය කිරීමක් කර  එම ක්‍රම දෙකින් කුමන ක්‍රම කලින් හඳුනා  ගත් රටාවට වඩාත් කිට්ටු වන්නේදැයි බැලීමෙන් අපට වඩා සාර්ථක කුමන ක්‍රමයදැයි හඳුනා ගත හැකිව තිබුණි.




දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මුල් ක්‍රමය අතහැර z  අගය වෙන වෙනම ගණනය කර ඇති අතර මෙහි ප්‍රතිපලය ගැන කතා කිරීමට ඉතුරුව ඇත.




දැනට වී ඇති දෙය ගැන ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලිපියක් ලියා ඇත. දැනට වී ඇති දෙය ගැන ආචාර්ය ගුණතිලක මහතා සංඛ්‍යා ලේඛන ජුලි 22 දා "the island" පුවත්පතට ලිපියක් ලියා ඇත. එයට අනුව දෙවැනි/තෙවන වර ලියු සිසුන්ට සිදුව ඇත්තේ ඇති විශාල අසාධාරණයක් බව පැහැදිලිවම පෙනේ. විශේෂයෙන්ම වෛද්‍ය හා ඉන්ජිනේරු අංශවලන අයදුම් කල දෙවන/තෙවන වර ලියු සිසුන්ට විශාලම අසාධාරණය සිදු වී ඇති බව පෙනේ.  එය මම වචනයෙන් කියනවට වඩා ඔබම බැලීමෙන් තේරුම් ගත හැක. වගු දෙස බැලීම අපට වැදගත් වේ.


 
ඉහත වගුව බලන විට පැහැදිලිවම 60% අවට තිබිය යුතු දෙවන/තෙවන වර සිසුන්ගේ ප්‍රමාණය සියයට විසි ගණනට අඩු වී ඇති බව පෙනේ.(pooled score කියා ඇත්තේ මෙව්වා කල ක්‍රමයයි. separate කියා ඇත්තේ මහාචාර්ය තට්ල් කිවූ ක්‍රමයයි)


මේ අනුව "දුපත්තුන් තව දුප්පත් කර පෝසතුන් තව පෝසත් කිරීමට" විරුද්ධව මහාචාර්ය තට්ල්ගේ ඉදිරිපත්කල ක්‍රමයට අනුව පළමුවර විභාගය ලියු සිසුන් ඉහල ධනවතුන් බවටත් දෙවන/ තෙවන වර ලියු සිසුන් දුපත්කමෙන් එහා ගොස් හිඟන තත්වයටත් පත්ව ඇත.  




ප ලි : z ලකුණු ලබාගත් ක්‍රම ගැන කීමේදී කියා යුත්තේ එහි එහි ගණිතමය ලෙස ගත විට නිවැරදිම හෝ වැරදි දෙයක් කියා නැති බවය. දෙකේම දුර්වලකම් ඇත. කව්රුන් හෝ මහාචාර්ය කෙනෙක් කී පලියටම දෙයක් වැරදි නොවේ. වඩා නිවැරදි බව කිව හැක්කේ නිසි පර්යේෂණයක් (මෙතැනදී නම් එය භාවිතා කර ලැබෙන ප්‍රතිපල දෙස බැලීමෙන් ) තුලින්ම පමණි.


යොමුව :
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347





10 comments:

  1. මේ ගැන මගේ අදහස තියෙනව මෙතැන. වෙලාව තියෙනව නම් කියවල බලන්න.

    http://meeghaya.wordpress.com/2012/07/26/z-score-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B8%E0%B7%94/

    ReplyDelete
    Replies
    1. මම ඔබේ ලිපිය කියෙව්වෙමි.
      ඔබේ සරසවි වල ඉඩ පිලිබඳ කාරණය හරිය. ඇත්තම කිව්වොත් ඉඩ නැත.
      කලින් දිනයේ නිර්මල්, දඹර අමිල ඇතුළු ගැන්සිය සියලු දෙන බාර ගැනීමට කැමැති බව කියුවේ සියලු ආචාර්යවරුන්ගෙන් අසා දැයි මටනම් දැඩි සැකයක් ඇත. මම දන්නා කියන අය නම් ඒ කතාව කියන තුරු එවැනි දෙයක් ගැන දන්නේ නැත. කලා, ශාස්ත්‍ර පීඨ වැනි ඒවා නොව තාක්ෂණික හා විද්‍යා, medical ද ඇතුළුව කවුරුත් කියන පලියට රබර් මෙන් ඇදීමේ හැකියාවක් නැත.

      Delete
  2. හොඳ පැහැදිලි කිරීමක් , හැබැයි මෙතන කවුරු නා ගත්තත් අමාත්‍යවරුන් වෙත වගකීම යන එක වලක්වන්න බැ , මොකද ඒ වගකීම වෙනුවෙන් තමයි ඔවුන්ට වරප්‍රසාද හිමිවෙලා තියෙන්නෙ . බොහෝ රටවල අමාත්‍ය වරු ප්‍රශ්නයක් ඇති වුනාම ඉල්ලා අස්වෙන්නේ ඒ වගකීම කරට අරන් . උදා හරණයක් විදිහට අපේ අල්ලපු රටේ කෝච්චි මූණට මූණ හැප්පිලා අනතුරු වුනාම අදාල අමාත්‍යවරයා ඉල්ලා අස්වෙනවා , නමුත් ඒ කෝච්චි දෙක හැප්පිච්ච එකේ වැරැද්ද තියෙන්නේ ස්ටේශන් මාස්ටර්ලා දෙන්නෙක්ගේ හරි සමහර විට පීල්ල මාරු කරන්න දාපු කම්කරුවගේ වෙන්න පුලුවන් , අර ඇමති ඒ වෙලාවේ චපාතියක් ගහල එලකිරි එකෙක් බොනවා වෙන්න ඇති හැබැයි සැහෙන පිරිසකට බලපාන දෙයක් නිසා ඉල්ලා අස් වෙන්න සිද්ද වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇමතිවරුන්ට පමණක් නොවේ මෙහි වගකීම ජනාධිපති දක්වා යනවා.
      ඔවුන්ට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න හැකියාවකුත් නෑ.
      කොහොම උනත් සිසුන් ඇතුලත් කිරීම ගැන තීරණයක් ගන්නෙත් ඔවුන්.
      ළමයින්ගේ විභාග අංක වැරදීම, ප්‍රශ්න පත්‍ර වල අඩුපාඩු, ඉල්ලුම් නොකළ විෂයන්ට විභයට කැදවීම, ලකුණු වැරැද්දීම වගේ සියලු දේට විභාග දෙපාර්තමේන්තුවට චෝදනා කල හැකියි.
      නමුත් මෙහි එවැනි සෘජු වැරැද්දක් නැහැ. මුලින් කිවූ z ගණනය කිරීමේ සුත්‍රයේ වැරැද්දක් නැති (දෙවැනි වර කිවූ එකට වඩා වැරදි අඩු) බව දැන් පැහැදිලිනේ.
      2001 දීත් මෙවැනි දෙයක් තමා තිබුනේ. එහිදී කලෙත් මෙවැනිම දෙයක්. නඩුත් ගියා. තින්දුත් ආවා. නමුත් z සුත්‍රයට එරිහිව ප්‍රශ්න ආවේ නෑ. දැන් තිබෙන දුර්වලතාවම එවරත් තිබුනා (එවර එක කොටසක් විෂය 3 ක් අනිත් කොටස 4 ක් ).
      නමුත් මෙහිදි එක් අසාධාරණයක් වලක්වන්න කියා ගියා පිරිස (තට්ල් මහාචාර්යතුමා ඇතුළුව, ඔහුගේ සාක්ෂි නැත්නම් මේ තීන්දුව මෙලෙස නොඑන්න තිබුනා.ඔහු තමා පෙහි පැමිණිල්ලේ expert evidence එක) කර ඇත්තේ ඒ අසාධාරණ වගේ කීප ගුණයක අසාධාරණයක් (z ලකුණු දෙයාකාරයකට ගණන් කිරීමෙන් මෙය සිදු වෙනවාදැයි ඔවුන් කලින් දැනන් සිටියාද කියා මම දන්නෑ).
      මේ දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයට (එනම් මම මේ ලිපියේ කියා ඇති දෙවන/තෙවන වර ලියු සිසුන්ට සිදුව ඇති අසාධාරණය), එය ඇති කිරීමට උසාවි ගිය අයට වැරැද්දේ විශාල කොටසක් පැවරී තිබෙනවා.
      ඇමතිලා ඇතුළු පිරිසට, මෙය නිවැරදිව කළමනාකරණය නොකිරීමේ වැරැද්ද තිබෙනවා.නිසි කළමනාකරණය කියන්නේ මෙය ඔවුන්ට දිනිය හැකිව තිබු නඩුවක්.
      ඔබ කියනවනම් මේ ප්‍රශ්නය උසාවි යන්න කලින් විසදා ගන්න තිබුන කියලා, එය වෙන දෙයක් නෙමේ. එහෙම වෙයි ඒ අසාධාරණයට ලක් වී උසාවි යන්න හදන සිසුන්ට තමන් කැමැති විශ්ව විද්‍යාල වලට යන්න දුන්නා(නීතියට පිටින්) නම්.

      Delete
  3. SB gonao gedara pala

    ReplyDelete
    Replies
    1. දේශපාලනයෙන් සමු ගන්නවනම් මමත් බොහොම කැමතියි

      Delete
  4. ලිපිය අගය කරනවා. දේශපාලඥයන්ට බනින ජනප්‍රිය රැල්ලට යන්නේ නැතිව යථාර්තය විමසන්නට උත්සහ දැරීම ගැන.

    ReplyDelete
  5. ගහන දෙකක් සඳහා තනි සම්මත අපගමනයක් සහ මධ්‍යන්‍යයක් සෙවීම මට මතක විදියට උසස් පෙළ, සංයුක්ත ගණිතය II හෙවත් ව්‍යවහාරික ගණිතයේ සංඛ්‍යානය කොටසට තිබුනා.

    සමහර අය Z ලකුණු ක්‍රමය ඉදිරිපත් කිරීම ගැන තටිල් ට දොස් කියනවා. ඒක හරියට ගුවන් යානයක් අනතුරට පත් වුනාම රයිට් සහෝදරයන්ට බනිනවා වගේ ගොන් වැඩක්. Z ලකුණු ක්‍රමය නොතිබෙන්නට මේ තරම් වත් නිවැරදිව ගණනය කරන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් දෙවන ක්‍රමයේ රෑන්ක් කළ විදියේ විශාල ගැටළුවක් තිබෙනවා. ඒ ගැටලුව නිවැරදි කිරීමට අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් මා දකිනවා.

    එකක් දැන් ඉල්ලන ආකාරයට වෙන වෙන ම රෑන්ක් කිරීම.ඕනම කෙනෙක්ට තේරෙන, සරල ම ක්‍රමය වූ ඒ ක්‍රමයට අනුව යම් ආකාරයකට මේ ගැටලුව විසඳුනත්, සම්පුර්ණ විසඳුමක් ලැබෙන්නේ නැහැ. එයිනුත් අසාධාරණයට ලක් වෙන පිරිසක් ඉන්නවා.

    නමුත් මම මේ පිළිබඳව අරුණැල්ලේ ලියු ලිපියේ අවසානයට එක් කළ ක්‍රමය මගින් වඩාත් සාධාරණව මේ ගැටලුව විසඳිය හැකියි. එයින් සමස්තයක් ලෙස ගත් විට සියලු සිසුන්ට සාධාරණයක් වෙනවා. මේ පිළිබඳව කපිල පීරිස් මහතා ලියු ලිපියක් මට පසුව කියවන්නට ලැබුනා. ඔහුගේ ක්‍රමය වී තිබුනෙත් මා කියූ ක්‍රමයමයි.

    http://www.arunalla.tk/2012/07/2011-3rd-edition.html

    කෙසේ හෝ මේ ගැටලුවට ඉක්මන් සහ සාධාරණ විසඳුමක් ලැබීම දැකීමට කැමැත්තෙන් පසුවෙනවා!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. මම තටිල්ට දොස් කියන්නේ z ක්‍රමය යෝජනා කල නිසා නෙමේ. මේ අවස්ථාවේදී නඩුවෙහි දුන් සාක්ෂි නිසා. ඔහු වඩා සාධාරණයක් කරන්න කියල යෝජනා කල ක්‍රමයෙන් වුනේ ඉතාමත් ලොකු අසාධාරණයක්.
      ඔබ යෝජනා කල ක්‍රමයෙන් කියන්නේ කලින් වසර වල සිසුන් ඇතුළු වීමේ රටාවටම (pattern) සලකා බලා(ගිය වසර වල පළමු, දෙවන/තෙවන අනුපාත සලකා බැලීමෙන්) මෙවරත් ගන්න කියලනේ.
      මම කියන්නේ ඔය නඩු තීන්දුවට කලින් තිබුණු ප්‍රතිපල වල, කලින් වසර වල රටාවම තිබුණා (ඔබ ආචාර්ය ගුණතිලක ලියු ලිපියේ තිබෙන ප්‍රස්ථාර හා වගු බැලුවනම් එය පෙනෙයි). එය අවලංගු කිරීම වැරැද්දක් බවයි මම කියන්නේ. යලි එයම ක්‍රියාත්මක කලානම් වඩා හොදයි. ආණ්ඩුවට මුල් ලයිස්තුවේ සිටි සිසුන් ගන්න ඕන උනත් මුල් ලැයිස්තුව අහෝසි කර ඇති නිසා (සිසුන්ගේ හා ගුරු සංගම්වල ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණයට මගින්) එසේ ගැනීම ප්‍රශ්නයක් බව මට දැනගන්නට ලැබුණා.
      කොහොමත් වුනත් දැන් මේ කාරනය ආපහු අධිකරණය එදිරිපිටට ගිහින් තිබෙන්නේ.

      Delete