Saturday, September 10, 2011

පළමු කතාව-විකිරණශීලි බාලදක්ෂයා


සාමාන්යෙන් විකිරණ පිටවන සංයෝග සමග පර්යේෂණ කරන්නේ ඒ ගැන හොද දැනුමක් ඇති පුද්ගලයන් විසින් නිසි  උපකරණ භාවිතා කිරීමෙනි. ඒ එහි ඇති අවදානම නිසාය. අත්වැරදීමකින් න්‍යෂ්ටික පිපිරීම් ඇති වීමට ඇති ඉඩ කඩ අවම (මා සිතන හැටියට බින්දුවට ආසන්නය) වුවත් විකිරණ මගින් ඇති විය හැකි හානි නිසා මේවා සමග ගනු දෙනු කිරීමේදී සියලුම රටවල් වල දැඩි නීති රීති පනවා ඇත. ඇරත් මේවාට අදාල ද්‍රව්‍ය හා උපකරණ ලබා ගැනීම  දැඩි ලෙස පාලනය කර ඇත.එනිසා සාමාන්‍ය වැසියන් මේ සම්බන්ද පර්යේෂණ වල නොයෙදෙති.

තත්ත්වය  එසේ උවද ඇමරිකාවේ (එක්සත් ජනපදය) මිචිගන් හි විසු ඩේවිඩ් හාන් (david hahn) වෙනස් අන්දමකට කල්පනා කල අයෙකි. අවුරුදු දහයේදී රසායන විද්‍යා පර්යේෂණ ගැන කියවූ ඔහු ඉන් පසු එම විෂය පිලිබඳ පිස්සු වැටී සිටින්නෙකු විය. අවුරුදු 14 වන විට ඔහු නයිට්‍රෝ ග්ලිසරින් නිපදව ගත් ඔහු, නිවෙසේදී අත්වැරදීමකින් සිදු වූ පිපිරීමකින් රෝහල් ගත කිරීමට සිදු විය (ඔහුගේ පර්යේෂණයක් අතරතුරදී ). ඉන්පසු ඔහුගේ මව විසින් නිවසේ පර්යේෂණ කිරීම ඔහුට තහනම් කරන අතර ඉන්පසු නිවස පිටිපස වූ මඩුවකට පර්යේෂණාගාරය ගෙන යන ලදී. ඔහු බාලදක්ෂයන් අතර ඉහලම  පදක්කම ලබා ගැනීම සදහා හැදෑරුවේ න්‍යෂ්ටික බලය පිළිබදවය. ඉන්පසු න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හා විකිරණශීලි සංයෝග ගැන ඔහුගේ උනන්දුව වැඩි වූ අතර උපජනක ප්‍රතික්‍රියාකාරකයක් (breeder reactor )සැදීම ඔහුගේ අවසාන අරමුණ විය. 

ඔහුට මේ සදහා තිබු විශාලම ගැටලුව වුයේ මෙම ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති අපහසුතාව හා නිසා උපදෙස් ලබා ගැනීමය. නමුත් නියම බාල දක්ෂයක් සේ අපේ කතා නායකයාද බාදක වලින් සැලෙන්නෙක් නොවේ. උපෙදෙස් ලබා ගැනීම ඔහු කලේ වැඩිහිටියකු සේ පෙනී සිටීමය. පර්යේෂකයෙකු හෝ ගුරුවරයෙකු හෝ පෙනී සිටිමින් ලිපි මගින් ඒ උපදෙස්  ලබා ගැනීම කරන ලදී. එක්සත් ජනපද න්‍යෂ්ටික නියාමන කොමිසමේ නිලදාරීන්ද ඔහුට හොදින් මග පෙන්නුවහ. 
  න්‍යෂ්ටික අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලුව ඔහු විසදා ගත්තේ සරල ක්‍රම මගිනි. එදිනෙදා බාවිතා කරන උපකරණ වල (ඇමරිසියම් ගිනි හදුනා ගන්න උපකරණ වල, රේඩියම් රාත්‍රියට දිලිසෙන ඔරලෝසු වලින්, තෝරියම්-232 ගෑස් ලාම්පු මැන්ටලයේ) මෙම මුලද්‍රව්‍ය එත සුළු ප්‍රමාණ වලින් අඩංගු බව රහසක් නොවේ. මින් ප්‍රයෝජන ගත් ඔහු කලේ එම උපකරණ තොග පිටින් සොයා ගෙන එම අමුද්‍රව්‍ය එකතු කිරීමය. මේවා ගැනීමට මුදල් පාසල් වෙලාවින් පසු රැකියා තුලින් සොයා ගන්න ලදී. 

පැරණි භාණ්ඩ අලෙවිසලකින් භාවිතා කල  මැන්ටල දහස්  ගණනක් ගෙන ඇමරිසියම් ද, ව්‍යාපාරික ආයතනයක් රැවටීමෙන්  කැඩුණු ගිනි හදුනා ගන්න උපකරණ   100 ක් අඩු මුදලකටද, පරණ බඩු කඩයක තිබු ඔරලෝසුවකින් රේඩියම්ද සොයා ගන්නේ ලදී. පැරණි ඊයම් කුට්ටියක්, ගම් පටි වලින් ඇලවූ ඇලුමිනියම් කොළ වලින් ඔහු තම ප්‍රතික්රියකාරකය සැදුවේය. 

ප්‍රතික්රියකාරකය ඔහුට උවමනා තරමට සාර්ථක නොවුනද එය සම්පුර්ණන්ම අසාර්ථක වුයේ  නැත. තම නිවස සිට නිවෙස් පහක් ඇතට සැහෙන තරම් විකිරණ පැතිරී ඇති බව දැන ගත් විට (ග්රයිගර් කවුන්ටරය-විකිරණ මට්ටම මනින උපකරණයකි) මේ පර්යේෂණය දුර දිග ගොස් වැඩි යයි ඔහු බිය විය. තම "ප්‍රතික්රියකාරකය" වාහනයේ ඩිකියේ දමා ගෙන ගිය ඔහු පොලිසියට කොටු වූ අතර  එයින් රහස එලි විය. ඔහුගේ පර්යේෂණාගාර වූ මඩුව හා උපකරණ බැරල් වල දමා සීල කර වෙනත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය සමග කාන්තාරයේ වල දැමීමට රජයට සිදු විය.
මේ ගැන පසුව අදහස් දැක්වූ ඩේවිඩ් ජීවිතයේ ඉතිරි කාලයේදී කිරීමට දේ පැවසූ අතර තම පර්යේෂණය නිසා ජීවිත කාලයෙන් වසර පහකට වඩා අඩු වුයෙයි තම නොසිතන බව ද කිවේය.  මේ සියල්ල සිදු වුයේ 1994 දිය. පහත ලින්ක් එක මගින් ඔහුගේ 2007 දී ගත් චායාරුපයක් බලා ගත හැක. (මුහුණේ තුවාල වලට හේතුව විකිරණ වලට නිරාවරණය වීම යයි උපකල්පනය කෙරේ) 
ප.ලි.:don 't ever try this at home කියා අමුතුවෙන් කිව යුතු නැත.
http://www.dangerouslaboratories.org/radscout.html

7 comments:

  1. තැන්කු....තැන්කු...ඒක අමතක උනානේ...

    ReplyDelete
  2. ෂහ්... මරු බඩුවක්නේ...
    ඇති මෑන් ඔයින් බේරුනා

    ReplyDelete
  3. තව මරු බුවෙක් ඉන්නවා. එය ගැනත් ලියන්නම් වැඩ ටිකක් අඩු උනාම.

    ReplyDelete
  4. මේ යකා මාර පිස්සෙක්නේ....
    මගේ යාලුවෙක් මැරුණා එක එක පරීක්ෂණ කරන්න ගිහින්
    පස්සේ බලද්දී ඌ මැරිලා තිබුනේ සයනයිඩ් විසෙන්

    ReplyDelete
  5. මමත් ඔය වගේ භාණ්ඩයක් තමා! මුලිම්ම co2 හැදුවෙ තුනේදි, O2 හැදුවෙ හයේදි,..
    ජාතියේ වාසනාවට විකිරණශීලී ද්‍රව්‍ය නං අතට අහු උනේනෑ!

    එ්ක නෙවෙයි දැං ඔය කොල්ල මොකද කරන්නෙ දන්නෑ නේ! :D :D

    ReplyDelete
  6. ඒ මනුස්සයගෙන් ලෝකෙට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලයි මට හිතෙන්නෙ. හොඳ විස්තරයක්.

    ReplyDelete