Saturday, September 10, 2011

ඇරඹුම

බ්ලොග් ලිවීමට අදහස සැහෙන කලෙක සිට අදහස තිබුනත් විවිද හේතු (බොහෝදුරට කම්මැලිකම, අලසකම, වැඩේ කල් දැමීම ආදිය ) නිසා මෙය සැහෙන  කලෙක සිට කෙරුනේ නැත. කෙසේ උනත් අන්තිමේදී වැඩේ අමාරුවෙන් හෝ පටන් ගත්තෙමි. මෙහි මගේ අදහස්,  දුටු දේ, ඇසූ දේ, කියවූ දේ  ආදී  නොයෙක් බහු බුත (බ.බු.) ලිවීමටද එම බ.බු. කියවන අයට මෙහි  කොම්මේන්ටු දැමීමට සිතුනොත් ඒවා කියවා පොඩි ආතල් එක ගැනීමටද මම බලාපොරොතු වෙමි.

4 comments:

  1. මමද බ්ලොග් ලිවීමට පටන්ගත්තේ මෙලෙසමයි. බ්ලොගර් ගිණුමක් තනා ගත්තත් ලියන්නට දෙයක් සිතට නොඒම, අපි ලියන දෙයක් කවුරුවත් නොකියා සිටීද වැනි සිතුවිලිද නිසා එයට යම් පසුගාමී තත්වයක් තිබින. එහෙත් පාසලේ රචනා ලියුවාට පසු වසර 20 කට පමණ පසු නැවතත් අකුරු වචන ගලපා යම් යම් දේ ලියා එය ක්‍රමයෙන් පාඨකයන් අතරට යන්නට පටන් ගත් පසු නොනවත්වා අදහස් ගලාගෙන එන්නටත්, නව තේමාවන් සොයා යන්නටත් පටන්ගතිමි. ඔබට හොද බ්ලොග්කරුවෙකු වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි මම අවංකවම ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
  2. දිගටම ලියන්න. කියවන අය ඉඳී. එකිනෙකාගෙ රසය වෙනස්; කැමති විෂය පථය වෙනස්. අනික් අතින් හැම මනුස්සයටම බ්ලොග් බලන්න වෙලාවක් හෝ පහසුකම් නැහැ. ඒ හින්දා ඒ ඒ බ්ලොග් එකට ඇදිලා එන පාඨකයන් සංඛ්‍යාවෙ වෙනසක් තියෙයි. නමුත් ඔබ කැමති විදිහට හිතන කෙනෙක් බ්ලොග් අවකාශයට ඇවිත් කියවීමට කැමති දෙයක් හොයනකොට හම්බෙන්නට දෙයක් ලියා තබන්න. පාඨක සංඛ්‍යාවෙන්වත්, කමෙන්ට් සංඛ්‍යාවෙන්වත් බ්ලොග් එකක හොඳ නරක මනින්නට බැහැ.
    ජය!

    ReplyDelete