Tuesday, August 21, 2012

ආසනික්! ආසනික්! ආසනික්!

ආසනික් විතරක් නෙමේ කැඩ්මියම්ත් තිබේ. 


යලිත් වරක් ආසනික් ගැන කතා බහ ඇති වෙමින් තිබේ. මේ ගැන හොඳ අවධානයකින් සිටි අය නම්, "යලිත් වරක්" අමුතුවෙන් මේ කතාබහ ඇති වීමට එය නැති වී තිබුනේ නැති බව දනිති. කෙසේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් කියවෙන්නේ 63% (වකුගඩු) රෝගීන්ගේ මුත්‍රා වල බලපෑම් ඇතිකළ හැකි මට්ටමට ආසනික් අඩංගු වන බවයි. එසේම 56% රෝගීන්ගේ මුත්‍රා වල බලපෑම් ඇතිකළ හැකි මට්ටමට කැඩ්මියම්ද අඩංගු වන බවයි. එසේම 88% රෝගීන්ගේ මුත්‍රා වල ආසනික් මෙන්ම කැඩ්මියම් ද අනතුරු දායක නොවන්නේ යයි කියන මට්ටමක ඇත.

ඒ වාර්තා අනුව ආසනික්, කැඩ්මියම්, කෘෂි රසායනික මේ රෝග තත්වයට හේතු කාරක ලෙස සැක කෙරෙන අතර ජානමය සාධක (පවුලේ අයට වකුගඩු රෝග වැළඳී තිබීම) මෙන්ම ජලයේ කිවුලද මේ රෝග තත්වය වැඩි වීමට බලපා ඇතැයි සැක කල හැක.

මීට මාස ගණනකට පෙර තිබු පර්යේෂණය සැසිවාරයකදී මීට සමාන මත පලවී තිබු බව විදුසරේ පලවිය. මෙය වෙනත් "ජාතික" පුවත්පත් වල පල වුයේ නැත්තේ අයි දැයි යන්න වෙනමම ප්‍රශ්නයකි. එසේම සාමාන්යෙන් සාමන්‍ය ජනතාවට අහිතකර ඕනෑම දෙයෙකදී හඬ නගන මානව හිමිකම් ක්‍රියාකාරීන්, දේශපාලකයන්, "සිවිල් සංවිධාන" ක්‍රියාකාරීන්, ගොසිප් අඩවි වැනි එකී මෙකි නොකී සියලු දෙනා මේ කෙරෙහි දක්වා ඇති නිහඬතාවද (පරිසර සංවිධාන කීපයක් හැර) එවැනිම වෙනමම ප්‍රශ්නයකි.

මේ ලිපියේ අඩංගු කරුණු වලට මුල් වූ තොරතුරු වල සත්‍යතාව මැනීමට මම සමතෙක් නොවෙමි. ඒ ගැන කරුණු බොහෝ දන්නා අය සයිබරයේ සිටින නිසා ඔවුන්ගේ මත බලාපොරොත්තු වෙමි.

ප ලි : එම වාර්තාවේ, පොහොර හා කෘෂි රසායන වල තත්වය පාලනය සඳහා වහා පියවර ගත යුතු බව නිර්දේශ කර නො තිබුනා යයි නොකිවහොත් එය අඩුවකි.
 

http://www.scribd.com/doc/102940101/WHo-Full-Report (මේ කොටස ලංකා සි නිවුස් අඩවිය වෙතිනි)

http://www.vidusara.com/2012/03/14/news2.html

http://www.vidusara.com/2012/02/29/news3.html

http://www.vidusara.com/2012/08/22/feature6.html ( ආචාර්ය පී. මංගල සී. එස්‌. ද සිල්වා විදුසරට ලියු ලිපිය)